පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1739/2025
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)
(අ) (i) පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සුනාමියෙන් පසුව ප්‍රතිසංස්කරණය කළ ධීවර ගොඩනැගිලි ඇති බවත්;
(ii) එම ගොඩනැගිලි අතරින් කුලී සහ බදු පදනම මත ලබා දෙන ලද සහ විකුණන ලද ධීවර ගොඩනැගිලි ඇති බවත්;
(iii) එම ගොඩනැගිලි අතරින් මේ දක්වා භාවිතා නොකරන ලද ගොඩනැගිලි ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත (අ)(iii)හි සඳහන් ධීවර ගොඩනැගිලි රජයේ සහ පොදු අවශ්‍යතාවයන් සඳහා ලබා දීමට කටයුතු කරන්නේද;
(ii) සුළු පන්න ධීවර සම්මේලනය මඟින් සුනාමියෙන් පසුව ජලාල්ඩීන් චතුරස්‍රය සහ කනකර් ග්‍රාම නිලධාරි වසම්වල ඉදිකළ ධීවර බහු කාර්ය ගොඩනැගිලි භාරව කටයුතු කරන, ආදායම් අය කරන සහ නඩත්තු කටයුතු කරන පාර්ශ්වයන් කවරේද;
(iii) ඉහත ගොඩනැගිලි පරිශ්‍රයන්හි අයිතිකරුවන් හඳුනාගතහොත්, ඔවුන්ට පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් විකල්ප ඉඩම් ලබා දීමෙන්, මෙම ධීවර බහු කාර්ය ගොඩනැගිලි පොතුවිල් ප්‍රාදේශීය සභාවට හෝ මහජන භාවිතයට ලබා දීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-18
අසන ලද්දේ
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර, ජලජ සහ සාගර සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2026-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks