පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-22
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
වාර්තා ලැබී තිබෙනවා.
(ii) තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති කාමර 15කට බාධා පැමිණිලා තිබෙනවා. ඒ වාගේම, දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැඟිලිවලට අවදානම් තත්ත්වයන් ඇති වුවත් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් සිදු වෙලා නැහැ.
(iii) ඔව්.
තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථායිකරණ ක්‍රමවේද මඟින් නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතියට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින NBRI එක ක්‍රියාත්මක කරන නායයෑම් ස්ථායීකරණ ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 60ක පමණ ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඒ වාගේම, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ සහ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ අදාළ ඉදිකිරීම් මේ වන විට සිදු වෙමින් පවතිනවා.
(iv) මා කලින් සඳහන් කළා වාගේ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථායිකරණ ක්‍රමවේද මඟින්, නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 60කුත්, පන්ති කාමර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 12.5කුත්, නේවාසිකාගාරය සඳහා රුපියල් මිලියන 6.52කුත් වෙන් කර තිබෙනවා.
දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයට 2026 වර්ෂය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් වෙලා තිබෙනවා. ගුරු නේවාසිකාගාරය සඳහා රුපියල් මිලියන 7.1ක්, කාන්තා නේවාසිකාගාරය සඳහා රුපියල් මිලියන 3ක්, පන්ති කාමර සඳහා රුපියල් මිලියන 5.25ක්, ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාගාරය සඳහා රුපියල් මිලියන 3.07ක් වශයෙන් වෙන් වෙලා තිබෙනවා.
(ආ) (i) නැත.
(ii) තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථායිකරණ ක්‍රමවේද මඟින් නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය සඳහා NBRI එක සමඟ එක්ව ව්‍යාපෘතිය පටන් ගෙන තිබෙනවා; අනෙකුත් වැඩ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ පටන් ගෙන තිබෙනවා.
(iii) තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ සහ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ මා කලින් කී කටයුතු ටික සිදු වෙමින් පවතිනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks