01

E   |     |  

 දිනය: 2026-03-19   පිළිතුර ලබා දී ඇත 

1721/2026: කම්කරු නීති සංශෝධනය: විස්තර

.

අසන ලද දිනය

2026-03-19

අසන ලද්දේ

ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      අංශ 04ක් යටතේ පහත සඳහන් කර ඇති පනත් සංශෝධනය කරනු ලබයි.

1.        ශ්‍රම ප්‍රමිති

  • 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥා පනත
  • 1941 අංක 47 දරන පඩිපාලක සභා ආඥා පනත
  • 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත
  • · 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත
  • · 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත
  • · 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත
  • · 2021 අංක 28 දරන සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත

2. කාර්මික සබඳතා

  • · 1950 අංක 43 දරන කාර්මික ආරාවුල් පනත
  • · 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත
  • · 2003 අංක 13 දරන කාර්මික ආරාවුල් නඩු කටයුතු විභාග කිරීමේ සහ විනිශ්චය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත

3. වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය

  • · 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත

4. වෘත්තීය සමිති

  • · 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනත

(iii) අංක අමප/25/1368/812/066-III හා 2025.08.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පහත සඳහන් සාමාජිකයින්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.

රාජ්‍ය නිලධාරින්:

01. ලේකම් - කම්කරු අමාත්‍යාංශය (සභාපති)

02. ලේකම් - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය (සාමාජික)

03. අතිරේක ලේකම් (සංවර්ධන) - කම්කරු අමාත්‍යාංශය (සාමාජික)

04. කම්කරු කොමසාරිස් ජනරාල් - කම්කරු දෙපාර්තමේන්තුව (සාමාජික)

05. මහාචාර්ය ඒ. සර්වේශ්වරන් මහතා - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පෞද්ගලික හා සංසන්දනාත්මක නීති දෙපාර්තමේන්තුව, නීති පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය (සාමාජික)

06. ආචාර්ය අහිලාන් අර්සරත්නම් කදිරගාමර් මහතා - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, යාපනය විශ්වවිද්‍යාලය (සාමාජික)

අනෙකුත් සාමාජිකයන්:

07. ආචාර්ය කේ.බී. සමන් ප්‍රියලාල් මහතා - නීතිඥ (සාමාජික)

08. ලාල් පෙරේරා මහතා - නීතිඥ (සාමාජික)

09. රුවන් ඩී.වී. ඩයස් මහතා - නීතිඥ (සාමාජික)

10. ජී.ආර්. දිලිප් ඔබේසේකර මහතා - නීතිඥ (සාමාජික)

11. ඩී.වී.ආර්. ඉසුරු ලක්පුර මහතා - නීතිඥ (සාමාජික)

12. සත්‍යා ගුණවර්ධන මෙනවිය - නීතිඥ (සාමාජික) (මෙම සාමාජිකයා රාජකාරි බහුලත්වය මත ඉල්ලා අස් වී ඇත.)

13. එස්.එර්මිසා ටීගල් මහත්මිය - නීතිඥ (සාමාජික)

14. මනෝලි ගෝනදූව ජිනදාස මහත්මිය - නීතිඥ (සාමාජික)

15. ඒ.පී. ජානක අධිකාරි මහතා - නීතිඥ (සාමාජික)

16. කේ.ජී.ජේ.බී. කුරුකොහොතැන්න මහතා - විශ්‍රාමික සහකාර කම්කරු කොමසාරිස් (සාමාජික)

17. අමරසේන අතුකෝරල මහතා - වරලත් ගණකාධිකාරි, මූල්‍ය, බදු හා ආයෝජන උපදේශක (සාමාජික)

18. හෙට්ටිතන්ත්‍රිගේ තුෂාර චමින්ද මහතා - මානව සම්පත් වෘත්තික (සාමාජික)

ඉහත කමිටුව විසින් ජාතික කම්කරු උපදේශන සභාව -NLAC- එම උපදේශන සභාවේ සාමාජික නොවන අනෙකුත් වෘත්තීය සමිති, සේවා යෝජක සංගම් සහ මහජන අදහස් ලබා ගනිමින් කම්කරු නීති සංශෝධනය සඳහා යෝජනා සකස් කිරීමට කටයුතු කෙරේ.

(iv) මෙම වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks