logo

E   |     |  

 දිනය: 2026-02-03   පිළිතුර ලබා දී ඇත 

1716/2026: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව: වැඩ තහනම් වූ නිලධාරි මහතා

1716/2025

ගරු ආර්.ජී. විජේරත්න මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන   අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

(අ)        (i)      2012 හා 2013 වර්ෂයන්හි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයේ‍ සේවය කළ නිලධා‍රියෙකුගේ වැඩ තහනම් කළ බව දන්නේද;

(ii) එසේ නම්, එම නිලධාරියාගේ නම කවරේද;

  (iii) එම නිලධාරියාට යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ආර්ථිකය පිළිබඳ අධි සංවේදී දත්ත විකෘති කිරීම වළක්වා ගැනීම සඳහා වන වත්මන් රජයේ වැඩපිළිවෙළ කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-02-03

අසන ලද්දේ

ගරු ආර්.ජී. විජේරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      එච්.එස්. වනසිංහ මහතා.

              (iii)      මෙම නිලධාරියා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයේ සේවය කරමින් සිටියදී සහ ඉන් පසුව එම දෙපාර්තමේන්තුවේ සිතියම් විද්‍යා අංශයේ සේවය කරමින් සිටියදී විෂමාචාරයන් සිදු කරන ලද්දේ යැයි මූලික විමර්ශන දෙකක් සිදුකර ඇත. එම මූලික විමර්ශනයන්ගෙන් හෙළි වූ කරුණු අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අංක PSC/DIS/030/2014 දරන 2014.04.24 දිනැති ලිපිය අනුව එච්.එස්. වනසිංහ මහතාගේ වැඩ තහනම් කර ඇත.

එයට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අංක PSC/DIS/030/2014 හා 2014.08.14 දිනැති ලිපිය අනුව එච්.එස්. වනසිංහ මහතා හට චෝදනා පත්‍රයක් නිකුත් කර ඇත. එච්.එස්. වනසිංහ මහතා විසින් 2014.09.16 දිනැතිව සිදු කරන ලද අභියාචනය සැලකිල්ලට ගෙන චෝදනා පත්‍රය සම්බන්ධයෙන් පැවැත්වෙන විධිමත් විනය පරීක්ෂණයට අගතියක් ‍නොවන පරිදි ‍කොන්දේසිවලට යටත්ව 2015.04.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවා ඇත.

එච්.එස්. වනසිංහ මහතා වැඩ තහනමට ලක්ව සිටි 2014.05.09 සිට 2015.04.27 දක්වා කාලයේ නොගෙවා රඳවා ගත් පාරිශ්‍රමික ගෙවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කරන ලද නියෝග අනුව එම ගෙවීම් කටයුතු සිදු කර ඇත.

වනසිංහ මහතාට නිකුත් කරන ලද චෝදනා පත්‍රය සම්බන්ධයෙන් පැවැති විධිමත් විනය පරීක්ෂණයට අනුව ඔහු චෝදනාවන් 3ක් සඳහා වැරදිකරු බවත්, චෝදනාවන් 4ක් සඳහා නිවැරදිකරු බවටත් තීරණය කර දඬුවම් ලෙස තරවටු කිරීමකට නියෝග කර ඇති අතර ලිපිය මඟින් විනය නියෝගය ක්‍රියාත්මක කර ඇත.

නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්.එස්. වනසිංහ මහතා රා.ප.ච. 16/95 යටතේ 2016.05.10 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. එම නිලධාරියා විශ්‍රාම ගැනීමෙන් පසු එච්.එස් වනසිංහ මහතා 2015.10.29 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනලේඛන හා ‍සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට පත් කර ඇත.

(ආ) මෙම දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර ප්‍රකාශයට පත් කරනු ලබන ආර්ථිකය සම්බන්ධ ඇතැම් දර්ශක, බිම් මට්ටමේ දත්ත රැස්කිරීම් මඟින් ලබා ගන්නා දත්ත භාවිත කර පිළියෙල කරනු ලබන අතර ඇතැම් දර්ශක/ඇස්තමේන්තු විවිධ දත්ත මූලාශ්‍ර මඟින් ලබා ගන්නා තොරතුරු පදනම් කර ගනිමින් ඇස්තමේන්තුගත කෙරේ.

හැකි උපරිම නිරවද්‍යතාවයකින් රැස්කරනු ලබන දත්ත පදනම්ව ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේද භාවිත කර සකස් කර ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනු ලබන බැවින් මෙසේ දත්ත විකෘති කිරීම් සිදුවීම මෙම දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කරන දත්ත/දර්ශක/ඇස්තමේන්තු සම්බන්ධයෙන් අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks