E   |     |  

 දිනය: 2026-02-20   පිළිතුර ලබා දී ඇත 

1710/2026: 2024 නොවැම්බර් මාසයෙන් පසු ලැබුණු ආයෝජන: විස්තර

1710/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන   අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      2024 නොවැම්බර් මාසයෙන් පසු මේ දක්වා ලැබී ඇති ආයෝජන, එම ආයෝජන ප්‍රමාණය සහ ලබා දුන් රටවල් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම රටවල්වලින් ආයෝජනය කරනු ලැබූ සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර්වලින් කොපමණද;

  (iii) එම ආයෝජන අතරින් මේ වනවිට ආරම්භ කර ඇති ව්‍යාපෘති කවරේද;

(iv) මේ වනවිට ආරම්භ කර නොමැති ව්‍යාපෘති ආරම්භ නොකිරීමට හේතු කවරේද;   

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-02-20

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      2024 නොවැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා අනුමත කරන ලද ආයෝජන ව්‍යාපෘති

වර්ගය

ව්‍යාපෘති ගණන

ඇස්තමේන්තුගත ආයෝජනය (ඇමෙරිකානු ඩොලර් මිලියන)

 

 

විදේශීය

දේශීය

එකතුව

නව ව්‍යාපෘති

78

541.4

957.4

1,498.8

පවතින ව්‍යාපෘති පුළුල් කිරීම

92

419.0

524.7

943.7

එකතුව

170

960.4

1,482.1

 2,442.5

 

 

 

 

 

2024 නොවැම්බර් මාසයෙන් පසු මේ දක්වා ලැබී ඇති ආයෝජන එම ආයෝජන ප්‍රමාණය සහ ලබා දුන් රටවල් වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01හි සඳහන් වේ.

ඇමුණුම 01

Countrywise breakdown of the estimated foreign Investment of approved projects during November, 2024 to 31st January, 2026

Country

No. of Projects

Estimated Foreign Investment (US$ Mn)

United Arab Emirates

1

19.1

Australia

2

5.1

Switzerland

1

3.0

Spain

1

3.0

France

1

0.2

United Kingdom

4

24.7

India

7

25.4

South Korea

1

0.5

Luxembourg

3

54.8

Malaysia

3

114.9

Netherlands

1

159.0

Sweden

1

6.0

USA

1

0.6

Germany

1

1.0

Mauritius

1

1.8

Total

29

419.0

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

US$ 419 Mn is the Estimated Investment of “Approved expansions” projects and not the ‘expansion projects commenced implementation.”

Country

No. of New Projects

Estimated Foreign Investment  (US$ Mn)

Australia

3

3.14

Canada

1

9.75

Denmark

1

4.53

France

1

0.35

Hong Kong

1

1.00

India

11

373.40

Iran

1

8.81

Japan

1

2.00

South Korea

1

0.30

Malaysia

1

12.06

Netherlands

1

0.73

Saudi Arabia

1

0.35

Singapore

4

68.07

Spain

1

0.15

UK

2

24.47

United Arab Emirates

2

17.00

USA

4

15.28

Grand Total

78

541.38

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  (ii) ප්‍රශ්න අංක (i)හි පිළිතුර අදාළ වේ.

(iii)

වත්මන් තත්ත්වය

එකතුව

ඉදිකිරීම්/ක්‍රියාත්මක වෙමින් පවතින

31

වාණිජ මෙහෙයුම්

14

මුළු එකතුව

45

 

 

 

 

 

 

ඇමුණුම 02හි ව්‍යාපෘතීන් 45 පිළිබඳව සඳහන් කර ඇත.

ඇමුණුම 02

 

Projects Approved from Nov 2024 to Jan 2026 and Commenced Implementation/Operation

(iv) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය - BOI - විසින් අනුමත කරන ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වේගය, එවා නිම කිරීමට ගතවන කාලය, අදාළ බලයලත් ආයතනවලින් බලපත්‍ර ලබා ගැනීම, පාරිසරික අනුමැතිය, අවශ්‍ය කරන ඉඩම් තෝරා ගැනීම සහ ආයෝජකයන්ටම ආවේණික වූ අභියෝග වැනි කරුණු මත වෙනස් විය හැකිය. ව්‍යවස්ථාපිත සහ නියාමන අවශ්‍යතාවලට පූර්ණ ලෙස අනුකූල වෙමින් මෙම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන මණ්ඩලය සියලුම අදාළ ආයතන සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බව කාරුණිකව දන්වා සිටිමි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks