පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1702/2025
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රජයට අයත් ජනමාධ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා කවරේද;
(iii) එම ආයතනවල මේ වනවිට ලියාපදිංචිවී සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඔවුන් සඳහා ගෙවනු ලබන වැටුප් හා දීමනා කවරේද;
(v) ඒවා ගෙවනු ලබන ක්‍රමවේදය කවරේද;
(vi) මෙම ක්‍රමවේදය යටතේ ගෙවීම් සිදු කරනු ලැබීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බව දන්නේද;
(vii) එසේ නම්, එම අක්‍රමිකතා සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-17
අසන ලද්දේ
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 04යි.
(ii) (1) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
(2) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
(3) සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
(4) සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම
(iii) ඇමුණුමෙහි දක්වා ඇත.
(iv) ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(v) ආයතනික කාර්ය මණ්ඩලයට ඇතුළත් ජනමාධ්‍ය හැඳුනුම්පත් සහිත නිලධාරින් සඳහා අදාළ අනුමත බඳවා ගැනීම් පරිපාටි කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව වැටුප් ගෙවන අතර, අනෙකුත් නිදහස් හා ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහා අදාළ සංස්ථා මණ්ඩල අනුමැතීන් ප්‍රකාරව ගෙවීම් සිදු කෙරේ.
(vi) අක්‍රමිකතා සිදු වන බව වාර්තා වී නොමැත.
(vii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks