04

E   |     |  

 දිනය: 2026-02-17   පිළිතුර ලබා දී ඇත 

1697/2026: ආබාධ සහිත තැනැත්තන් සඳහා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම: පියවර

----

අසන ලද දිනය

2026-02-17

අසන ලද්දේ

ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)     (i)      *     රෝහල් පද්ධතිය තුළ ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම.

          *     ආබාධ සහිත පුද්ගලයන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම.

                   *     ආබාධ සහිත පුද්ගලයන් සදහා අවශ්‍ය සියලුම වෛද්‍ය පහසුකම් හා ඖෂධ වර්ග රෝහල් මඟින් ලබා දීම.

                   *     පුනරුත්ථාපනය හා ඊට අවශ්‍ය පහසුකම් සපයන ඒකක වැඩිදියුණු කිරීම.

* සහායක උපකරණ නිපදවීම වැඩිදියුණු කිරීම සඳහා රෝහල්වල ඍජුකාංග උපකරණ - prosthetics and orthotics - නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම.

(ii) * සායනවලට සහභාගි වන ආබාධ සහිත පුද්ගලයන් සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.

* සායනවලට අංක ලබා දීමේදී දිනකට ප්‍රමුඛතා අංක කිහිපයක් ආබාධ සහිත පුද්ගලයන්ට වෙන් කිරීමට කටයුතු කිරීම.

* සායන හා වාට්ටු වැනි විවිධ අංශ සඳහා රෝද පුටු මඟින් හෝ ආධාරක උපකරණ මඟින් ප්‍රවේශ විය හැකි පරිදි සායන පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගැනීම.

* සායන මඟින් ලබා දෙන සියලුම පණිවුඩ හා තොරතුරු ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍යයන්ගෙන් ලබා දීම හා ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාධ සහිත පුද්ගලයන්ට සන්නිවේදනය සිදු කිරීම සඳහා රෝහල් කාර්යය මණ්ඩලය පුහුණු කිරීම ආරම්භ කිරීම.

(iii) වෛද්‍ය ආයතනවලට ප්‍රවේශ වීමේදී ආබාධිත පුද්ගලයන් හඳුනා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් දැනට සෞඛ්‍ය ආයතනවල නොමැති අතර, ඒ ඒ අවස්ථාවලට අනුව සුදුසු පරිදි කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත.

ප්‍රමුඛතාව ලබා දීම සඳහා ඔවුන්ට ළඟා විය හැකි විශේෂ ඖෂධ කවුළුවක් විවෘත කිරීම, ලියාපදිංචිය සඳහා ළඟා විය හැකි ලියාපදිංචි කවුන්ටරයක් සකස් කිරීම හා ඔවුන් ඒ සේවාවන් සඳහා යොමු කිරීම වෙනුවට ඔවුන් සඳහා අභ්‍යන්තර කවුළුවක්/තොරතුරු desk එකක් සෑම රෝහලකම පිහිටුවීමට සැලසුම් කර ඇත.

(iv) * සියලුම රෝහල් කාර්ය මණ්ඩලය සඳහා සංඥා භාෂා - sign language - පුහුණුව ලබා දීම. (බස්නාහිර පළාතේ කාර්ය මණ්ඩලය වෙත එක් වැඩසටහනක් මේ වන විට පවත්වා ඇත.)

* ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා පිළිබඳව රෝහල්වල හෙද නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර ආබාධිත දිනය සැමරීම වෙනුවෙන් පැවැත්වීම.

* කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙද කාර්ය මණ්ඩලයට පුහුණු වැඩසටහනක් මේ වන විටත් පවත්වා ඇත.

(ආ) (i) * කාර්ය මණ්ඩලය පුහුණු කිරීම. (විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්)

* ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සැපයීම සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වන physiotherapist, occupational therapist, speech and language therapist, prosthetist and orthotist යන තනතුරු සඳහා කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, පුහුණු කිරීම සහ දැනට පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කිරීම.

* ප්‍රජා පුනරුත්ථාපනය - community rehabilitation - වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ පුහුණු කිරීම.

* සියලුම ප්‍රාථමික රෝහල්වල පුනරුත්ථාපන ඒකක පිහිටුවීම හා අදාළ සේවා ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම.

* සහයක උපකරණ නිපදවීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම, ආනයනය කිරීමේදී බදු ලිහිල් කිරීම, නියාමනය කිරීමට අදාළ අංශ වෙතින් ඉල්ලුම් කිරීම හා සහයක උපකරණ නිපදවීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම.

* රැකබලාගන්නන් - caregiver/care mayer - පුහුණු කිරීම, බඳවා ගැනීම, නව සේවාවන් ඇති කිරීම. පෞද්ගලික අංශයේ care industry සඳහා ධෛර්යවත් කිරීම.

* ආබාධිත තත්ත්ව සඳහා ප්‍රතිකාර ක්‍රම වැඩිදියුණු කිරීම.

   (ii) රාගම පුනරුත්ථාපන රෝහල හා කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු අංශය සඳහා ආධාරක උපකරණ ඍජු කාරක prothetics and orthotics නිපදවීම සඳහා අවශ්‍ය නවීන උපකරණ ලබා දීම.

උදාහරණ: 3D scanners, gait lab

   ` (iii) ආබාධ සහිත පුද්ගලයන්ට සෞඛ්‍ය හා පරීක්ෂණ සඳහා මූල්‍ය ආධාර ලබාදීමේ වැඩ පිළිවෙළක් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක නොවන අතර ඊට අදාළ වැඩසටහන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට අනුබද්ධිත ආබාධිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක වේ.

      (iv) * රෝහල් හා සෞඛ්‍ය ආයතන සඳහා ආබාධිත පුද්ගලයන්ට හිතකර හා පහසුකම් සහිත පරිසරයක් ඇති කිරීම.

* ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සහාය වීම සඳහා සංඥා භාෂා - sign language - පුහුණුව රෝහල් කාර්ය මණ්ඩලයට ලබා දීම.

* සියලුම සෞඛ්‍ය පණිවුඩ ශ්‍රව්‍ය, දෘශ්‍ය ආබාධ සහිත පුද්ගලයන්ට ද ළඟාකර දිය හැකි පරිදි නිර්මාණය කිරීමට අදාළ අංශ දැනුවත් කිරීම (සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය)

* සහායක උපකරණ ඍජුකාරක, රෝද පුටු හා අනෙකුත් උපකරණ රෝහල් තුළ නිපදවීම හා අලුත්වැඩියා කිරීමට පහසුකම් සැපයීම.

* සියලුම රෝහල්වල පුනරුත්ථාපන ඒකක වැඩිදියුණු කිරීම හා පහසුකම්/උපකරණ සැපයීමට පියවර ගැනීම.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-02-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks