04

E   |     |  

 දිනය: 2025-12-11   පිළිතුර ලබා දී ඇත 

1696/2025: වාණිජ කටයුතු සඳහා පුපුරණ ද්‍රව්‍ය ‍ගබඩා කිරීම සහ නිකුත් කිරීම: ක්‍රමවේදය

----

අසන ලද දිනය

2025-12-11

අසන ලද්දේ

ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i)     අමප/25/1780/803/050 හා 2025.10.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

              (ii)      1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත හා එහි සංශෝධන පනත්, එයට අදාළව නිකුත් කර ඇති නියම හා නියෝග ප්‍රකාරව පුපුරණ ද්‍රව්‍ය පාලකවරයා ලෙස ආරක්ෂක ලේකම් විසින් නිකුත් කර ඇති 01/2024 චක්‍රලේඛය අනුව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම හා නිකුත් කිරීම සිදු කරනු ලබයි. එම විස්තර ඇමුණුම 01හි දැක්වේ.

(iii) අ. පනතේ කාර්යය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පුපුරණ ද්‍රව්‍ය පාලක වශයෙන් කටයුතු කරනවා.

ආ. පනතේ කාර්යය සඳහා අමාත්‍යාංශයේ සෑම අතිරේක ලේකම්වරයෙකු හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුම නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය පාලකවරයෙකු වේ. එමෙන්ම,  සෑම සහකාර ලේකම්වරයෙකුම සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලකවරයෙකු වේ.

ඇ. පනතේ කාර්යය සඳහා ධුරයෙන් පත් කරන ලද නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය පාලක ලෙස සහ සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක නිලධාරින් රාජකාරි කරනු ලබනවා.

ඈ. පනතේ කාර්යය සඳහා සැරයන්වරයකුගේ නිලයට වඩා පහළ නොවන නිලයන් දරන සෑම පොලිස් නිලධාරියකුටම පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂකයකු ලෙස කටයුතු කරන්න බලය පවරා තිබෙනවා.

(iv) පත් කර තිබේ.

සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලකවරු දිස්ත්‍රික්කවලට අනුයුක්ත කර ඇති අතර, දැනට පාලකවරු 13දෙනෙකු දිවයිනම ආවරණය කරනු ලබයි. ඔවුන්ගේ රාජකාරි ලැයිස්තුව ඇමුණුම 02හි දැක්වේ.

මෙම නිලධාරින්ගේ රාජකාරි අධීක්ෂණය සඳහා නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය පාලකයෙකු පත් කර ඇත. නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය පාලකගේ රාජකාරි ලැයිස්තුව ඇමුණුම 03හි දැක්වේ.

(v) වෙඩි බෙහෙත් පාලක ලෙස තනතුරු නාමයක් නොමැත.

(vi) අදාළ නොවේ.

(vii) පැන නොනඟී.

 

(ආ) (i) ● පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍ර සංඛ්‍යාව - 1,355

  • ගිණිකෙළි භාණ්ඩ නිෂ්පාදන -  232

බලපත්‍ර සංඛ්‍යාව

  • පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන බලපත්‍ර -  08
  • ගිනිපෙට්ටි නිෂ්පාදන අවසර -  12

පත්‍ර සංඛ්‍යාව

  • පුපුරණ ද්‍රව්‍ය ආනයන -  58

බලපත්‍ර ගණන

  • අනෙකුත් සපයන්නන්ගේ - 514

බලපත්‍ර සංඛ්‍යාව

 

2025.11.30 දිනට දිස්ත්‍රික් මට්ටමෙන් අදාළ තොරතුරු ඇමුණුම 04හි දැක්වේ.

ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.

 

(ii) 1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත හා එහි සංශෝධන පනත්, එයට අදාළව නිකුත් කර ඇති නියම හා නියෝග ප්‍රකාරව පුපුරණ ද්‍රව්‍ය පාලකවරයා ලෙස ආරක්ෂක ලේකම් විසින් නිකුත් කර ඇති 01/2024 චක්‍රලේඛය අනුව ගබඩා කිරීම හා නිකුත් කිරීම සිදු කරනු ලබනවා. ඒ කාර්යභාරය සහ ඒ කටයුතු ඇමුණුම 01හි සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.

(iii)  ඔව්.

(iv)  පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යටතේ පවතින ගබඩා සංඛ්‍යාව 33කි. එමෙන්ම, ආසන්න පොලිස් ස්ථානයේ අධීක්ෂණය යටතේ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රලාභීන් හා අවසරපත්‍රලාභීන් බාරයේ ගබඩා 2,179ක් පවතී.

(v)  පොලිස් ආරක්ෂාව යටතේ පවතින පුපුරණ ද්‍රව්‍ය ගබඩා 33 සඳහා පොලිස් සැරයන්/උප පොලිස් පරීක්ෂක නිලයට සමාන හෝ ඉහළ නිලයක් දරන පොලිස් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ දිවා රාත්‍රි දෙකේදීම ආරක්ෂාව සපයනු ලබන අතර, එම ගබඩා පවතින ඉඩම් තුළම අදාළ පොලිස් මුරපොළ ස්ථාපනය කර ඇත.

අනෙකුත් අවසර පත්‍ර හා බලපත්‍රලාභීන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරනු ලබන ස්ථාන ඔවුන් බාරයේ පවතින අතර, ඒවා වැඩබිමෙහි හෝ නිවසෙහි යන ස්ථාන දෙකෙන් වඩා ආරක්ෂිත ස්ථානයක ඉදිකරන ලද ගබඩා තුළ පවතින අතර, එම ගබඩා පිහිටි ප්‍රදේශයේ ආසන්නතම පොලිස් ස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබයි.

(vi)  නිකුත් කරන ලද ප්‍රමාණ හා වාරික ගණන අවසරපත්‍රලාභීන් හා බලපත්‍රලාභීන්ගේ අවශ්‍යතාව, ඔවුන්ගේ පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් මත ඔවුන් විසින් ලබා ගත යුතු අනෙකුත් බලපත්‍ර හා අවසරපත්‍රවල සඳහන් කොන්දේසි ප්‍රකාරව සහකාර පාලකවරු ක්ෂේත්‍ර පරීක්ෂණයෙන් පසු ප්‍රමාණ තීරණය කරනු ලබයි. එම කටයුතු අදාළ දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනු ඇත.

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks