E   |     |  

 දිනය: 2026-03-17   පිළිතුර ලබා දී ඇත 

1678/2026: නායයෑම් තර්ජනයට ලක් වූ මොරවක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ල: ප්‍රතිසංස්කරණය

.

අසන ලද දිනය

2026-03-17

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අධිකරණ ගොඩනැඟිල්ලට ඉහළින් ඇති රැඳවුම් බැම්මේ කොටසක් ඉරිතැලීමට ලක්ව ඉදිරියට නෙරා ඒම සහ ඉහළින් ඇති කඳු බෑවුම අස්ථාවර වීම හේතුවෙන් ගොඩනැඟිල්ලට හා එය භාවිතයට ගන්නන්ට ඇති වූ අවදානම් තත්ත්වය සලකා බලා අධිකරණය 2021.01.18 දින සිට කොටපොළ ගැටබරුව රජමහා විහාරස්ථානයේ කුලී පදනමකට ලබාගත් ගොඩනැඟිල්ලක පිහිටුවා ඇත.

(ii) එම ගොඩනැඟිල්ල සඳහා රුපියල් 440,000.00ක මුදලක් මාසික කුලිය ලෙස ගෙවීම් කරනු ලැබේ.

(iii) අධිකරණය පවත්වාගෙන යන්නේ තාවකාලිකව කුලියට ගත් නොඩනැඟිල්ලක බැවින්, භෞතික සම්පත් සහ තාක්ෂණික පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සේවාලාභීන් හා අධිකරණ නිලධාරින් අවම පහසුකම් යටතේ අධිකරණ කටයුතු පවත්වාගෙන යනු ලබයි. එසේම, නඩු භාණ්ඩ ගබඩා කිරීම සඳහා දැනටමත් භාවිත කරන්නේ මොරවක අධිකරණ ගොඩනැඟිල්ල වේ.

(ආ) (i) අධිකරණයට ඉහළින් ඇති රැඳවුම් බැම්ම හා කඳු බෑවුම ස්ථාවර කිරීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් 2021 වසරේ දී නිර්දේශ හා ඇස්තමේන්තු ලබා දී ඇත. එහෙත්, රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇත.

(ii) නැවතත් අධිකරණය මෙම ගොඩනැඟිල්ල තුළ ස්ථාපනය කිරීමේ අරමුණෙන් 2025 වසරේදී ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් නිර්දේශ, සැලසුම් හා ඇස්තමේන්තු ලබා ගෙන ඇත.

(iii) එමඟින් රැඳවුම් බැම්මේ උස යම්තාක් දුරකට අඩුකර, රැඳවුම් බැම්මට ඉහළින් ඇති කඳු බෑවුම පස් සවිවර ගැන්වීමේ - soil nailing - ක්‍රමය ඔස්සේ ස්ථාවර කිරීම සඳහා නිර්දේශ ලබා දී ඇත.

(iv)

• එම ව්‍යාපෘතිය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ උපදේශක සේවා ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීම සඳහා අමප/25/1299/818/082 හා 2025/08/04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇත.

• එම අමාත්‍ය මණ්ඩල තීරණය ලබා දීමෙන් අනතුරව, මෙම කාර්යය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් ක්‍රියාත්මක කරනු ලබන, "ස්ථායිකරණ ක්‍රමවේද මඟින් නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය" හරහා ඉටු කළ හැකි බව දන්වා තිබූ බැවින් එලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයේ එකඟතාවය දන්වා ඇත. ඒ සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව - AIIB - හා ශ්‍රී ලංකා රජය අතර ඇති වූ ගිවිසුම්ගත ණය මුදලක් හරහා මූල්‍ය ප්‍රතිපාදන සපයන බව දන්වා ඇත.

• ඒ අනුව, ‍එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදන කටයුතු ජාතික ‍ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් සිදු කරමින් පවතී.

මෙම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුවඅධිකරණ ගොඩනැඟිල්ල ද අලුත්වැඩියා කළ යුතුව පවතී. ඒ අනුව වසරක කාලයක දී අධිකරණය එම ගොඩනැඟිල්ල වෙත විතැන් කළ හැකි  වෙතැයි අපේක්ෂා කෙරේ. 

මෙම ව්‍යාපෘතිය, අප්‍රේල් මාසයේදී -ඒ කියන්නේ තවත් සති කිහිපයකින්, තුන්වන සතිය වන විට - ආරම්භ කිරිමට අපේක්ෂා කරනවා. ඒ වාගේම මාස හයක් ඇතුළත දී එම ස්ථාවර කිරීමේ කටයුතු අවසන් කිරීමට හැකි වෙතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් දන්වා තිබෙනවා. එම කාල සීමාව තුළදීම අධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී අධිකරණය එහි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරනවා.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-03-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks