පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1674/2025
ගරු අජිත් පී. පෙරේරා මහතා,— වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ වර්තමාන අධ්‍යක්ෂකවරුන් කවුරුන්ද;
(ii) එම එක් එක් අධ්‍යක්ෂකවරයා, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ අධ්‍යක්ෂක ධුරයට අමතරව අධ්‍යක්ෂක ධුර දරන වෙනත් සමාගම් කවරේද;
(iii) එම එක් එක් අධ්‍යක්ෂකවරයා විසින් පත්වීම් ලද දිනයේ සිට මේ දක්වා ලබාගෙන ඇති වැටුප් සහ දීමනා වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම එක් එක් අධ්‍යක්ෂකවරයා විසින් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ අනුග්‍රහයෙන් ලබාගෙන ඇති ගුවන් ටිකට්පත් සංඛ්‍යාව සහ එම එක් එක් ගුවන් ටිකට්පතෙහි සාමාන්‍ය අළෙවි වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ වර්තමාන සභාපතිවරයා කවුරුන්ද;
(vi) ඔහු විසින් සමාගමේ අනුග්‍රහයෙන් ලබාගෙන ඇති ගුවන් ටිකට්පත් සංඛ්‍යාව, ලබාගෙන ඇති දින සහ ඒවායේ මුළු වටිනාකම කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-09
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks