පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චාමර සම්පත් දසනායක මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි තනතුර සහ නීති නිලධාරි තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) මේ වනවිට සංස්ථාවේ නීති නිලධාරි තනතුරේ කටයුතු කරන නිලධාරියා එම සුදුසුකම් සපුරා තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2012.09.14 දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය අනුව සංස්ථාවේ සාමාන්‍යාධිකාරි තනතුර සහ සහකාර සාමාන්‍යාධිකාරි-නීති සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් (නීති නිලධාරි) තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් පහත දක්වා ඇත.
(ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුමත බඳවා ගැනීමේ පරිපාටියට අනුව නීති නිලධාරි ලෙස තනතුරක් නොමැති අතර එම තනතුර - "සහකාර සාමාන්‍යාධිකාරී නීති සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්" වශයෙන් දක්වා ඇත.)
සාමාන්‍යාධිකාරි තනතුර
සුදුසුකම්:
බාහිර අයදුම්කරුවන්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ප්‍රථම උපාධියක් සමඟ පශ්චාත් උපාධියක් සහිතව ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ අවම වශයෙන් වසර 10ක් පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව සම්පූර්ණ කළ පළපුරුද්ද.
අභ්‍යන්තර අයදුම්කරුවන්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ප්‍රථම උපාධියක් සමඟ පශ්චාත් උපාධියක් සහිතව ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාර සේවා ගණයෙහි තනතුරක අවම වශයෙන් වසර 05ක අදාළ විෂය ක්ෂේත්‍රයෙහි සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම. (ඇමුණුම 01** )
සහකාර සාමාන්‍යාධිකාරි - නීති සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
සුදුසුකම්:
බාහිර අයදුම්කරුවන්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් නීතිය පිළිබඳ උපාධිය සමඟ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දී වසර 03ක පළපුරුද්ද
හෝ
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ඇටර්නි විභාගය සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු වසර 03ක පළපුරුද්ද. (ඇමුණුම 02**)
(ii) සුදුසුකම් සපුරා ඇත.
දැනට සංස්ථාවේ පවතින සහකාර සාමාන්‍යාධිකාරී - නීති සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් තනතුරේ කටයුතු කරන නිලධාරිනිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ඇටර්නි විභාගය සමත් වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු යටතේ ආධුනික නීතිඥයෙකු ලෙස පුහුණුව ලැබීමෙන් පසුව 1999.07.06 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දී ඇත. (ඇමුණුම 03**)
එසේම ඇය බඳවා ගන්නා ලද දිනය වන 2009.09.07 දින වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පසු වසර 03ක පළපුරුද්ද සනාථ කිරීමට අදාළ සේවා සහතික ද මේ සමඟ අමුණා ඇත.
(ඇමුණුම 04**)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks