E   |     |  

 දිනය: 2026-07-08   පිළිතුර ලබා දී ඇත 

1656/2026: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබා දීම: විස්තර

ගරු චානක මාදුගොඩ මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      2025 වර්ෂය සඳහා —

              (i)      පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදී තිබේද;

             (ii)      එසේ නම්, එක් මන්ත්‍රී‍වරයෙකුට ලබාදී ඇති මුදල කොපමණද;

(iii) විමධ්‍යගත අරමුදල් ලබාදී ඇති  මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම අරමුදල් මන්ත්‍රීවරුන්ට ලබාදීමේ නිර්ණායක කවරේද;

(v) විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබා නොදීමට හේතු කවරේද;

(vi) ඉදිරි කාලය තුළ එම අරමුදල් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ලබාදීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-08

අසන ලද්දේ

ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      2025 වර්ෂයේ විමධ්‍යගත අය වැය වැඩසටහන සඳහා ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 2,250ක ප්‍රතිපාදනයක් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවට අදාළ වැය ශීර්ෂය යටතේ ලබා දීමට කටයුතු කර ඇත. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබූ යෝජනා පරීක්ෂා කර බලා අවසන් අනුමැතිය සහ ප්‍රතිපාදන ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කර ඇත.

එහිදී විමධ්‍යගත අය වැය වැඩසටහන යටතේ එක් එක් දිස්ත්‍රික්කයට වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදනය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ අංක MF/02/2025 දරන හා 2025.01.29 දිනැති චක්‍රලේඛයේ ඇමුණුම 2 යටතේ දක්වා ඇත. අදාළ චක්‍රලේඛයෙහි පිටපතක් ඇමුණුම I** ලෙස ඉදිරිපත් කර ඇත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(vi) මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ අංක MF/02/2026 දරන 2026.01.16 දිනැති චක්‍රලේඛය අනුව 2026 වර්ෂයේ විමධ්‍යගත අය වැය වැඩසටහන යටතේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන‍් රුපියල් මිලියන 10ක් බැගින් ප්‍රතිපාදන වෙන් කර ඇත. අදාළ චක්‍රලේඛයෙහි පිටපතක් ඇමුණුම II** ලෙස ඉදරිපත් කර ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks