E   |     |  

 දිනය: 2026-02-20   පිළිතුර ලබා දී ඇත 

1653/2026: පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරක ගමනාන්ත: සංවර්ධනය

1653/2025

ගරු අජිත් ගිහාන් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      සංචාරක ආකර්ෂණය රටේ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමාවී ඇති බවත්;

             (ii)      සංචාරක කර්මාන්තය සඳහා වැඩි විභවයක් ඇති පුත්තලම දිස්ත්‍රික්කය සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු කිරීම සඳහා මේ දක්වා වැඩපිළිවෙළක් නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා හඳුනාගෙන ඇති සංචාරක ගමනාන්ත කවරේද; 

(ii) ඒ සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-02-20

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        සංචාරක ආකර්ෂණය රටේ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී නොමැති අතර, රට පුරා සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ සංවර්ධනය කිරීමට කටයුතු කරමින් පවතී.  

              (ii)      වැඩ පිළිවෙළක් පවතී.

(ආ)         (i)     

 1

 ආණමඩුව

  • · තෝනිගල සෙල්ලිපිය
  • · පරමාකන්ද රජමහා විහාරය
  • · මහඋස්වැව

2

ආරච්චිකට්ටුව

  • · ආනවිලුන්දාව රැම්සා තෙත්බිම

3

හලාවත

  • · මුන්නේස්වරම් දේවාලය

4

කරුවලගස්වැව

  • · තබ්බෝව ජලාශය සහ අභය භූමිය
  • · විලඳගොඩ පුරාවිද්‍යා භූමිය

5

මාදම්පේ

  • · ශ්‍රී මුරුගන් කෝවිල

6

මාරවිල

  • · Golden Beach  මාරවිල
  • · මාරවිල කුරුස පල්ලිය

7

වෙන්නප්පුව

  • · වෙන්නප්පුව කලපුව
  • · St. Joseph පල්ලිය

8

කල්පිටිය

  • · Kite surfing
  • · බත්තලන්ගුන්ඩුව
  • ·ලන්දේසි කොටුව
  • · කුඩාව වෙරළ
  • · Dolphin watching
  • · තලවිල පල්ලිය
  • · ආලන්කුඩා වෙරළ
  • · කුදිරමලේ

9

වනාතවිල්ලුව

  • · ගඟේවාඩිය
  • · විල්පත්තුව
  • · The Biobab tree
  • · මල්විල රජමහා විහාරය

 

(ii) වයඹ පළාත් ප්‍රධාන සංචාරක සැලැස්ම

වයඹ පළාත් සංචාරක සංවර්ධනය උදෙසා 2025 වර්ෂයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අයත් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ප්‍රධාන සැලැස්ම සකස් කිරීම ආරම්භ කර ඇති අතර, එම කටයුතු 2026 වර්ෂයේදී සම්පූර්ණ කිරීමට නියමිතය. එම සැලැස්මට අනුව වයඹ පළාත සඳහා සංචාරක සංවර්ධන කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ යටතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල හඳුනා ගත් සංචාරක ගමනාන්ත සංවර්ධනය සඳහා සැලසුම් හා නිර්මාණ සකස් කරමින් පවතී.

මීට අමතරව පහත දැක්වෙන සංවර්ධන ව්‍යාපෘති පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් ආරම්භ කර, ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

(1) හලාවත වෙරළ උද්‍යානය, වයඹ සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරමින් පවතිනවා. ඒ සඳහා රුපියල් මිලියන 55ක් යෙදවෙනවා.

(2) හලාවත මහ වැව සහ තනි වැල්ල දේවාලය ආශ්‍රිත සංචාරක කලාපය සංවර්ධනය සඳහා සලසුම් සකස් කර තිබෙනවා.

(3) "Discover Kalpitiya" නිල වෙබ් අඩවිය නිර්මාණය කිරීම (වයඹ සංවර්ධන අධිකාරිය)

• සංචාරකයින්ගේ ගමනාගමන පහසුව වෙනුවෙන් කල්පිටිය ප්‍රදේශයේ අභ්‍යන්තර මාර්ග 24ක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කර ඇත.

• සංචාරකයින් වැඩි වශයෙන් භාවිත කරන "ටානියා හෝටල් පාර" සංවර්ධනය කර ඇත.

• ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන් මඟින් ජීවිතාරක්ෂකයින් 113 දෙනෙකු පුහුණු කර ඇත.

• වෙරළාශ්‍රිත සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා ජීවිතාරක්ෂක උපකරණ ලබා දී ඇත.

• Site Guide පාඨමාලාව හරහා 2025 වර්ෂය තුළ සංචාරක මාර්ගෝපදේශකයින් 30 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කය සඳහා ක්ෂේත්‍රගත කර ඇත.

• සංචාරක මඟ පෙන්වන්නන්, හෝටල් හිමියන්, බෝට්ටු හිමියන්, සංවිධානගත කිරීම හා සේවා ගුණත්වය ඉහළ නැංවීම සිදු කර ඇත.

(4)  Kite surfing ප්‍රදේශයට ආසන්නයේ නවීන වැසිකිළි පද්ධතියක් සවි කර තිබෙනවා.

(5) ඉලන්තඩිය සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයේ සනීපාරක්ෂක පද්ධතියක් ඉදිවෙමින් පවතිනවා.

යෝජිත ව්‍යාපෘති

• ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ 2026 වර්ෂය තුළ කල්පිටිය  kite surfing ප්‍රදේශය ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

• ග‍ඟේ වාඩිය සංචාරක කලාපයක් බවට පත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ඉල්ලුම් කර ඇත.

• කුඩාව සහ ආනවාසල වෙරළ උද්‍යාන සඳහා පාවෙන ජැටි ඉදි කිරීමට යෝජිතයි.

• විල්පත්තු එළුවන්කුලම පිවිසුම සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇත.

• ආනවිලුන්දාව සංවර්ධන සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks