E   |     |  

 දිනය: 2026-02-20   පිළිතුර ලබා දී ඇත 

1649/2026: 2024 සැප්තැම්බර් 21 සිට සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්: පවරා ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ වත්කම්

1649/2025

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)       (i)      2024 සැප්තැම්බර් 21 දින සිට මේ දක්වා කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ සැකකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) එම කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මඟින් උපයා ගන්නා ලදුව ක්‍රියාවිරහිත කරන ලද දේපළ හා වත්කම්වල ප්‍රමාණය සහ වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද; 

(iii) එම දේපළ හා වත්කම්වල අයිතිකරුවන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-02-20

අසන ලද්දේ

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

2024.09.21 දින සිට 2026.01.26 දින දක්වා

මත්ද්‍රව්‍ය වර්ගය

ප්‍රමාණය

සැකකරුවන් ගණන

 

කිලෝග්‍රෑම්

කරල්

පෙති

පැළ

 

හෙරොයින්

1,468.061

-

-

-

1,829

ගංජා/කේරළ ගංජා

5,344.954

-

-

9,486,100

829

කොකේන්

39.369

-

-

-

52

හෂීස්/කුෂ්

832.319

-

-

-

280

අයිස්

3,022.258

-

-

-

2,275

මත්පෙති/කරල්

-

663,033

287,140

-

237

වෙනත්

10,706.961

-

-

-

22

(ii) ඇමුණුමෙහි තීරු අංක 03 හා 02හි දක්වා තිබේ.

(iii) ඇමුණුමෙහි තීරු අංක 01හි දක්වා තිබේ.

ගරු කථානායකතුමනි, දීර්ඝ විස්තර සහිත ඇමුණුම සභාගත* කරමි.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks