E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1645/2026: License for boat based issues in North and Eastern provinces

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       උතුරු සහ නැගෙනහිර පළාත්වල හැඹිලි දැල් මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන යාත්‍රා සඳහා බලපත්‍ර ලබාදීමේ ප්‍රමාදයක් සිදුවන බවත්;

            (ii)       එම ප්‍රමාදය හේතුවෙන්, නිශ්චිත කාලයකදී පමණක් අස්වැන්න ලබාගත හැකි මසුන් ඇල්ලීම සිදු කිරීමට නොහැකිවී ඇති බවත්;

(iii) බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල යෙදීම හේතුවෙන් ධීවරයින්, ධීවර ආම්පන්න සහ යාත්‍රා, නාවික හමුදා නිලධාරින් සහ ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, දඩ මුදලක් නියම කරන බවත්; 

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත අ(i)හි සඳහන් බලපත්‍ර ලබා දීම ප්‍රමාද වීමට හේතු කවරේද;

(ii) ඉදිරියේදී නියමිත කාලය තුළ බලපත්‍ර ලබා දීමට පියවර ගනු ලබන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks