E   |     |  

 දිනය: 2026-05-08   පිළිතුර ලබා දී ඇත 

1642/2026: ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ: විස්තර

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉදිරියේදී නව ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීමට සැලසුම් කර තිබේද;

(iii)  එසේ නම්, එම ක්‍රීඩාංගන ඉදිකිරීමට නියමිත ප්‍රදේශ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උතුරු සහ නැගෙනහිර පළාත්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින බව දන්නේද;

(ii) එසේ නම්, ඔවුන්ව හඳුනාගෙන ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා තිබෙන වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-08

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     

අංකය

පළාත

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ

යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ

01.

බස්නාහිර පළාත

· ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය

·   එස්.එස්.සී. ක්‍රිකට්    ක්‍රීඩාංගණය

·   පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය

කොළඹ දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය

02.

දකුණු පළාත

· ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය

·  හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය

-

03.

මධ්‍යම පළාත

· දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය

·   පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය

 -

04.

ඌව පළාත

-

-

05.

වයඹ පළාත

-

-

06.

උතුරු මැද පළාත

-

-

07.

සබරගමුව පළාත

-

-

08.

නැ‍ඟෙනහිර පළාත

-

-

09.

උතුරු පළාත

-

යාපනය මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණය

 

(ii)         ඔව්.

             (iii)

අංකය

පළාත

දැනට පවතින දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණ (District Grounds)

යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ

01.

බස්නාහිර පළාත

 -

03

02.

දකුණු පළාත

-

03

03.

මධ්‍යම පළාත

-

03

04.

ඌව පළාත

-

03

05.

වයඹ පළාත

-

03

06.

උතුරු මැද පළාත

01

02

07.

සබරගමුව පළාත

01

02

08.

නැ‍ඟෙනහිර පළාත

-

03

09.

උතුරු පළාත

01

05

උතුරු පළාතේ පහත දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් ක්‍රීඩාංගණ ඇති කිරීමට මේ වන විට මූලික කටයුතු ආරම්භ කර ඇත.

1.  යාපනය දිස්ත්‍රික්කය

2.  කිලිනොච්චි දිස්ත්‍රික්කය

3.  මුලතිව් දිස්ත්‍රික්කය

4.  මන්නාරම දිස්ත්‍රික්කය

5.  වව්නියාව දිස්ත්‍රික්කය

නැ‍ඟෙනහිර පළාතේ පහත දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් ක්‍රීඩාංගණ ඇති කිරීමට මේ වන විට මූලික කටයුතු ආරම්භ කර ඇත.

1.  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

2.  මඩකලපුව දිස්ත්‍රික්කය

3. අම්පාර දිස්ත්‍රික්කය

(ආ) (i) ඔව්.

(ii) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් ජාතික මට්ටම සහ ජාත්‍යන්තර නියෝජනය කිරීම සඳහා අවශ්‍ය අවස්ථාව, පුහුණුව, පහසුකම් යනාදී සියල්ලම සහිතව ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ ඉදිරියටම පැමිණීම පිණිස පුළුල් සහ ජාතික මට්ටමේ ගමන් මාර්ගයක් -National Pathway-  ඇති කර, එය ඔස්සේ අවස්ථාව සලසා දී ඇත. (විස්තර ඇමුණුමෙහි** දක්වා ඇත.)

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks