පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1633/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාව තුළ දැනට ලියාපදිංචිවී ගව පාලනයේ නියැලෙන කිරි ගොවීන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගොවීන් සතුව සිටින ගවයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් කොපමණද;
(iii) එම ගවයන්ගේ ආහාරය සඳහා තණ කැපීමට ගොවීන්ට ලබාදී ඇති තණ බිම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-20
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනට ලියාපදිංචි කිරි ගොවීන් සංඛ්‍යාව 259,370කි. ඒ සම්බන්ධ විස්තර දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් තිබෙනවා.
(ii) ලියාපදිංචි කිරි ගොවීන් සතු ගවයන් සංඛ්‍යාව 1,974,323කි. අවශ්‍ය නම් එම තොරතුරු වෙන වෙනමත් තිබෙනවා.
(iii) එම ගවයන්ගේ ආහාරවලට අවශ්‍ය තෘණ කැපීම සඳහා ගොවීන් විසින් තම පෞද්ගලික ඉඩම්වල වගා කර ඇති තණ බිම් ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 9,000කි.
එහෙත් තණ කැපීම සඳහා ගොවීන්ට රජයේ ඉඩම් ලබා දී නොමැත. නමුත් ගොවීන් බොහෝ දෙනෙකු තමන් සතු ගවයන්ට ආහාර ලබා ගැනීම සඳහා පොදු තණ බිම් පාවිච්චි කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks