පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1631/2025
ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සෝමාවතිය ජාතික වන උද්‍යානය මධ්‍යයේ මහ බැංකුව විසින් ඉදි කරන ලද හෝටල් සංකීර්ණ දෙකක් තිබෙන බව දන්නේද;
(ii) එසේ නම්, එහි භාරකාරත්වය දරන්නේ කවුරුන්ද;
(iii) මේ වනවිට ඒවා ඉදිකිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල කොපමණද;
(iv) ඒවා මේ වනවිට භාවිතා කරන්නේද;
(v) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-10
අසන ලද්දේ
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. සෝමාවතිය පාලම ආසන්නයේ ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් නිවාඩු නිකේතන ගොඩනැඟිලි දෙකක් ඇත.
(ii) ඉහත සඳහන් ගොඩනැඟිලිවල භාරකාරිත්වය දරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.
(iii) 2010දී ඉහත ඉදිකිරීම් දෙක සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැය කළ මුළු වියදම රු.50,606,995ක් වේ.
(iv) ඔව්. ඉහත ගොඩනැඟිලි දෙක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවාඩු නිකේතන ලෙස මේ වන විටත් භාවිත වේ.
(v) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks