පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1630/2025
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)
(අ) (i) මරණ දඬුවම නියමවී, ඒ පිළිබඳ සියලු අභියාචනා අවසන්ව ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති සමාව නොලැබූ, සිරකරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් සිරකරුවාගේ නම සහ වයස වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 1976න් පසුව, ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධානය නිකුත් කර නොමැති බවත්;
(ii) ඇතැම් අවස්ථාවල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම, ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවමක් බවට පත් කරන බවත්;
(iii) එම ක්‍රියාවලිය ‘විෂය මූලිකව’ සිදු කිරීමෙන් තොරව, අවිධිමත්ව ‘පුද්ගල බද්ධව’ සිදුවන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) එම ක්‍රියාවලිය ‘විෂය මූලිකව’ සිදු කිරීම සඳහා ගන්නා පියවර කවරේද;
(ii) මරණ දඬුවම ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවමක් බවට පත් කළ පසු, එම සිර දඬුවම ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනය සහ ඉන්පසු එම සිර දඬුවම ගෙවීයාම පිළිබඳ විධිවිධාන විධිමත් කිරීම සඳහා, බන්ධනාගාර ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව, ‘රෙගුලාසි’ සෑදීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-09
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks