E   |     |  

 දිනය: 2025-11-19   පිළිතුර ලබා දී ඇත 

1611/2025: Fleet of Vehicles allocated for the Minister - National Policies and Economic Affairs (Eight Parliament)

1611/2025

ගරු සුජීව දිසානායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)        (i)      අටවැනි පාර්ලිමේන්තුවේ 2015 සැප්තැම්බර් සිට පත් කරන ලද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාට එවකට පැවති රජයෙන් වෙන් කර තිබූ නිල රථ සංඛ්‍යාව කොපමණද;

 (ii) එම නිල රථවල ලියාපදිංචි අංකය, වර්ගය සහ මාදිලිය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එකී නිල රථ වෙන් කර තිබූ කාලසීමාව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එක් එක් නිල රථය‍ට හිමිව තිබූ මාසික ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) අදාළ අමාත්‍යවරයා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය දරන ලද කාලසීමාවේදී, එම නිල රථ වෙනුවෙන් මාසිකව වැය කරන ලද ඉන්ධන ලීටර් ප්‍රමාණය සහ ඒ සඳහා දරන ලද වියදම, එක් එක් නිල රථය‍ අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-19

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks