පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1609/2025
ගරු සුජීව දිසානායක මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අටවැනි පාර්ලිමේන්තුවේ 2018 නොවැම්බර් 09 දින සිට පත් කරන ලද වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයාට එවකට පැවති රජයෙන් වෙන් කර තිබූ නිල රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිල රථවල ලියාපදිංචි අංකය, වර්ගය සහ මාදිලිය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එකී නිල රථ වෙන් කර තිබූ කාලසීමාව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එක් එක් නිල රථයට හිමිව තිබූ මාසික ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) අදාළ අමාත්‍යවරයා වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ධුරය දරන ලද කාලසීමාවේදී, එම නිල රථ වෙනුවෙන් මාසිකව වැය කරන ලද ඉන්ධන ලීටර් ප්‍රමාණය සහ ඒ සඳහා දරන ලද වියදම, එක් එක් නිල රථය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-19
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks