පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2795/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව;
(ii) එම හරස් මාර්ග අතරින් මගීන් වැඩි ප්‍රමාණයක් දෛනිකව ගමන්ගන්නා මාර්ග ලෙස හඳුනාගෙන ඇති සංඛ්‍යාව;
(iii) එම හරස් මාර්ග සඳහා ස්ථාපිත කර ඇති දුම්රිය හරස් ගේට්ටු සංඛ්‍යාව;
කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලදී සිදු වූ අනතුරු සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2006 වර්ෂයේ සිට මේ දක්වා එවැනි අනතුරුවලින් සිදුවූ දේපළ හානිවල වටිනාකම වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එක් දුම්රිය හරස් ගේට්ටුවක් සවි කිරීම සඳහා වැයවන මුදල කොපමණද;
(iv) දුම්රිය හරස් ගේට්ටුවක සේවය කරන්නෙකු වෙත මාසිකව ගෙවනු ලබන වැටුප හෝ දීමනාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-07
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රෝහණ දිසානායක මහතා (ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு ரோஹண திசாநாயக்க - போக்குவரத்து பிரதி அமைச்சர்)
(The Hon. Rohana Dissanayake - Deputy Minister of Transport)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රවාහන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) 1,083යි.
(ii) 681ක් පමණ හඳුනා ගෙන ඇත.
(iii) 473යි.
(ආ) (i) අනාරක්ෂිත යයි හඳුන්වන හරස් මාර්ගවල සිදු වූ අනතුරු වෙන් වෙන් වශයෙන් නොමැති අතර සියලුම හරස් මාර්ගවලදී සිදු වූ අනතුරු පහත පරිදි වේ.
වර්ෂය අනතුරු මිය ගිය තුවාල වූ
සංඛ්‍යාව සංඛ්‍යාව සංඛ්‍යාව
2010 75 11 63
2011 82 18 48
2012 113 07 06
(ii) හරස් මාර්ග රිය අනතුරුවලදී දේපළ හානි වන්නේ දුම්රියේ හැපෙන වාහනවලටය. එම දේපළ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වටිනාකම තක්සේරු කිරීමක් සිදු නොවේ.
(iii)
දුම්රිය හරස් මාර්ග භාවිත කළ ප්‍රධාන තනි මාර්ග සඳහා ද්විත්ව මාර්ග
වර්ගය උපකරණ වර්ගය ඇස්තමේන්තුව සඳහා
ඇස්තමේන්තුව
මාර්ග බාධක Q-Type Relays 12,079,152/- 16,726,929/-
සහිත ස්වයංක්‍රීය JRK Relays 17,421,252/- 22,752,729/-
ගේට්ටු
ස්වයංක්‍රීය හරස්
මාර්ග Q-Type Relays 3,923,523/- 4,223,735/-
ආරක්ෂක ක්‍රමය JRK Relays 4,756,023/- 5,180,200/-
ලිවර් මඟින්
ක්‍රියා කරන - 1,775,500/- 1,775,500/-
යාන්ත්‍රික ගේට්ටු
(iv)
01. පොයින්ට් කරුගේ වැටුප රු.13,060.00
02. දුම්රිය කාර්ය සහායකවරයකුගේ දීමනාව
රු. 11,730.00
03. තාවකාලික ගේට්ටුකරුවකුට දීමනාව
රු. 3,000.00
(උණ බම්බු ගේට්ටුකරුවකුට)
04. ගේට්ටුකරුනව ii තනතුර දරන ගේට්ටුකරුවකුගේ ආරම්භක වැටුප රු.13,060.00
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks