E   |     |  

 දිනය: 2026-02-06   පිළිතුර ලබා දී ඇත 

1571/2026: ප්‍රාදේශීය ලේකම් කාර්යාල: වාහන අවශ්‍යතා

1571/2025

ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම කාර්යාල සඳහා වෙන් කර ඇති මුළු වාහන සංඛ්‍යාව කොපමණද;

(iii) ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රාජකාරි කටයුතු සඳහා මේ වනවිට ප්‍රමාණවත් සහ යෝග්‍ය තත්ත්වයේ වාහන තිබෙන්නේද;

(iv) එසේ නොමැති නම්, යෝග්‍ය තත්ත්වයේ වාහන නොමැති කාර්යාල සංඛ්‍යාව කොපමණද;

(v) ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ක්ෂේත්‍ර සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා, නව වාහන ලබාදීමට හෝ දැනට ඇති වාහන නඩත්තු කිරීමට රජය සතුව ක්‍රමවත් හා කඩිනම් වැඩපිළිවෙළක් තිබෙන්නේද;

(vi) පරිපාලන කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වාහන අවශ්‍යතා පිළිබඳව මේ වනවිට හඳුනාගෙන තිබෙන්නේද;

(vii) එසේ නම්, ඒවා සැපයීම සඳහා අපේක්ෂිත කාල රාමුවක් සහ අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-02-06

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339ක් හා උප කාර්යාල 2යි.

              (ii)      628කි.

             (iii)      ප්‍රමාණවත් නොවේ.

                        පැරණි වාහන වැඩි ප්‍රමාණයක් පවතින අතර, ඒවායේ අලුත්වැඩියා කටයුතු සුදුසු පරිදි සිදු කරමින් භාවිත කරයි.

             (iv)      මෙම වාහන අතරින් වසර 20කට වඩා පැරණි වාහන 223ක් ද, වසර 15කට වඩා පැරණි වාහන 108ක් ද පවතී.

ඒ අතරින් 1984දී මිලදී ගත් වාහන 09කුත් තිබෙනවා. අවසාන වරට වාහන අරගෙන තිබෙන්නේ 2020දී. එතැන වාහන 06ක් තිබෙනවා. හැම වාහනයක්ම අවුරුදු 5කට වඩා පැරණියි. අවුරුදු 40කට වඩා පැරණි වාහනත් තිබෙනවා.

(v) ඔව්.

රජයේ සංවර්ධන වැඩ පිළිවෙළ කඩිනම් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය පහසුකම් සම්පාදනයට අවධානය යොමු කර ඇති අතර, ඒ සඳහා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් හා ක්ෂේත්‍ර කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අත්‍යවශ්‍ය වාහන මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

  (vi) දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ නිර්දේශ අනුව වාහන 465ක අවශ්‍යතාවක් හඳුනාගෙන ඇත.

(vii) ඔව්. එකී වාහන 465ක අවශ්‍යතාව පිළිබඳව මෙම අමාත්‍යාංශයේ නිරීක්ෂණ හා නිර්දේශ සහ වාර්තාව 2025.10.13 දිනැතිව කොම්ප්ට්‍රෝලර් ජනරාල් වෙත යොමු කර ඇති අතර, අවශ්‍ය අනුමැතිය හා ප්‍රතිපාදන ලබා ගැනීම කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙතින් සිදු කිරීමට නියමිතය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට කටයුතු කෙරේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks