පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1569/2025
ගරු අජිත් පී. පෙරේරා මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ‘ආශා මිනරල්ස්’ ආයතනය —
(i) මාස 6ක ‘නියමු ව්‍යාපෘතියක්’ සම්පූර්ණ කිරීමට පෙර සහ අමාත්‍ය මණ්ඩලයේ හෝ නීතිපතිවරයාගේ අනුමැතිය ලබා නොගෙන, අරුවක්කාලු හි ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සමඟ වසර 30ක ගිවිසුමකට එළඹුණේද;
(ii) වලංගු ඛනිජ බලපත්‍රයක් නොමැතිව පසුව පොලිස් වැටලීමකට තුඩු දුන් ඛනිජ වැලි කැණීමේ සහ සැකසීමේ කටයුතුවල මෙම ගිවිසුම යටතේ නිරත වූයේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ‘ආශා මිනරල්ස්’ ආයතනය —
(i) රුපියල් 15,526,400/= ක් වටිනා අබලි ලෝහ ඉවත් කිරීම සඳහා ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ සමඟ මුදා ගැනීමේ ගිවිසුමකට (salvage contract) එළඹුණේද;
(ii) නීතිපතිවරයාගේ විරෝධතා නොතකා, රුපියල් මිලියන 300 ක් වටිනා නැව්ගත කර තිබූ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 25,000ක තොගයක් තමා සන්තකයට ගත්තේද;
(iii) අමාත්‍යාංශය යටතේ පවතින ඛනිජ වත්කම් ක්‍රමානුකූලව වෙනතකට හැරවීමට කටයුතු කර තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීමට, වැරදිකරුවන් වගවියයුතු බවට පත් කිරීමට සහ නීත්‍යානුකූල බලපත්‍රලාභීන්ගේ අයිතිවාසිකම් නැවත ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-19
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks