පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-02-06
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
විශ්වවිද්‍යාලය |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්වවිද්‍යාලය |
3027 |
|
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය |
22 |
|
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය |
08 |
|
වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය |
09 |
|
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය |
07 |
|
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය |
70 |
(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්වවිද්‍යාල
2026.03.30 දිනට අත්‍යවශ්‍ය සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා විශ්වවිද්‍යාලවලින් ලැබෙන ඉල්ලීම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කරමින් පවතින අතර ඒ සඳහා අනුමැතිය ලබා දුන් පසු බඳවා ගැනීමේ කටයුතු අදාළ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන විසින් කරනු ලැබේ.
තවද, 2025/2026 වසරේදී සභාපති/රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය හා කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීමේ නිලධාරි කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද උක්ත අධ්‍යයන සේවක පුරප්පාඩු 3,027 අතරින් පුරප්පාඩු 1,458ක් සඳහා බඳවා ගැනීම අදාළ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන විසින් මේ වනවිට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති අතර 2026.02.26 දිනට අධ්‍යයන සේවක පුරප්පාඩු 445ක් සඳහා බඳවා ගැනීම අවසන් කර ඇති අතර ඉතිරි තනතුරු පුරප්පාඩු පිරවීම සිදු කරමින් පවතී.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් 2025.07.22 දිනැතිව යොමු කරන ලද රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීමේ කමිටුව විසින් 2025 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II/I)/කථිකාචාර්ය (ස්ථිර නොකළ) කථිකාචාර්ය (ආධුනික) තනතුරු 08ක් අනුමත කර තිබුණි. 2024.03.13 දිනැතිව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II/I)/කථිකාචාර්ය (ස්ථිර නොකළ) කථිකාචාර්ය (ආධුනික) තනතුරු 04ක් සහ කථිකාචාර්ය (තාවකාලික) තනතුරු 10ක් අනුමත කර තිබුණි.
මේ වනවිට අනුමත කරන ලද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II/I)/කථිකාචාර්ය (ස්ථිර නොකළ), කථිකාචාර්ය (ආධුනික) තනතුරු12 අතරින් තනතුරු 06ක් බඳවා ගෙන ඇත. ඉතිරි තනතුරු 06න් තනතුරු 04ක සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කොට පාලක සභාව වෙත යොමු කර ඇත. එක් තනතුරක සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. අනුමත කරන ලද කථිකාචාර්ය (තාවකාලික) තනතුරු 10න් 05ක් බඳවා ගෙන ඇති අතර කථිකාචාර්ය (තාවකාලික) තනතුරු 02ක සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර පාලක සභාව වෙත යොමු කර ඇත. ඉතිරි කථිකාචාර්ය (තාවකාලික) තනතුරු 03 සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
තවද, මේ වනවිට නැවත පුරප්පාඩුව පවතින විනේතෘ මහාචාර්ය තනතුරු 04 සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II/I)/කථිකාචාර්ය (ස්ථිර නොකළ)/ කථිකාචාර්ය (ආධුනික) 07ක් පිරවීම සඳහා නැවත ඉල්ලීමක් බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුව වෙත යොමු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පහත පරිදි වේ.
|
අනු අංකය |
පුරප්පාඩු වී ඇති වූ තනතුර |
පුරප්පාඩු සංඛ්‍යාව |
පුරප්පාඩුව පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග |
|
01 |
මහාචාර්ය (ප්‍රමුඛ) |
03 |
2025.08.10 දින පළ කරන ලද පුවත්පත් දැන්වීමකට අනුව මහාචාර්ය (ප්‍රමුඛ) එක් අයදුම්පතක් ලැබුණු අතර, ඊට අදාළ කටයුතු සිදු කෙරෙමින් පවතී. අනෙක් පුරප්පාඩු තනතුරු 02ක බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීමට 2026.01.18 වන දින පුවත්පත් දැන්වීම් පළ කරන ලද අතර බඳවා ගැනීමට අදාළ ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී. |
|
02 |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය I/II කථිකාචාර්ය, කථිකාචාර්ය (ආධුනික) |
02 |
පුරප්පාඩුව ඇති තනතුරු 02න් එක් තනතුරක් බඳවා ගැනීම සඳහා 2025.12.22වන දින අනුමැතිය ලැබී ඇති අතර, ඒ සඳහා අයදුම්පත් කැඳවීමට 2026.01.18 දින පුවත්පත් දැන්වීම් පළ කර ඇත. 2025.12.31 දින සිට කථිකාචාර්ය තනතුරේ සේවය කරන ලද ස්වාමීන් වහන්සේ නමක් සේවයෙන් ඉල්ලා අස්වී ඇති අතර එම පුරප්පාඩුව පිරවීම සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුව වෙත අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. |
|
03 |
උපදේශක (බෞද්ධ) |
01 |
බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී නොමැත. |
|
04 |
උපදේශක (චීන) |
01 |
චීන භාෂා උපදේශක තනතුරට බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී ඇති නමුත්, එම තනතුරට අදාළ බඳවා ගැනීම් පරිපාටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ දක්වා සකස් කර නොමැති බැවින් එම පරිපාටි සකස් කළ පසුව බඳවා ගැනීමේ කටයුතු සිදු කරනු ඇත. |
|
05 |
උපදේශක (ජපන්) |
01 |
ජපන් භාෂා උපදේශක තනතුර අදාළ බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අනුමැතිය ලැබී නොමැති අතර, බඳවා ගැනීමේ පරිපාටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ දක්වා සකස් කර නොමැත. |
අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සම්පූර්ණ පුරප්පාඩු සංඛ්‍යාව - 08
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
මහාචාර්ය තනතුරු 01ක් හා කථිකාචාර්ය තනතුරු පුරප්පාඩු 09ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අනුමැතිය ලැබී ඇති අතර, කථිකාචාර්ය තනතුරු 07ක් සඳහා මේ වනවිට සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇත. මේ අතරින් පුරප්පාඩු වී ඇති මහාචාර්ය තනතුර සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අනුමැතිය ලැබී ඇති අතර, ඒ සඳහා අභ්‍යන්තර උසස්වීම් සලකා බලමින් ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය
අදාළ තනතුරු පුරප්පාඩු 07 සඳහා බඳවා ගැනීමට මේ වනවිට පුවත්පත් දැන්වීම් පළ කර අයදුම්පත් කැඳවා ඇති අතර, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුව වෙත ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් 2024 දෙසැම්බර් 31 දිනට තිබූ අධ්‍යයන පුරප්පාඩු 54ක් බඳවා ගැනීම සම්බන්ධව ඉදිරිපත් කළ ඉල්ලීම සඳහා 2025 අගෝස්තු මස 19 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය හරහා තනතුරු 30ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
තවද, 2025 අගෝස්තු මස 19 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ලද අධ්‍යයන පුරප්පාඩු 30ට අමතරව ඒ වනවිට ඇති වී තිබූ ඉතිරි තනතුරු පුරප්පාඩු 40 බඳවා ගැනීම සඳහා වන ඉල්ලීම රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට 2025 සැප්තැම්බර් මස 14 දින ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කමිටුවේ අනුමැතිය අපේක්ෂිතය.
(iii) රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දැඩි හිඟය හේතුවෙන් ඉහත ශිෂ්‍ය කණ්ඩායම සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේදී ප්‍රමාදයක් ඇති විය.
අධ්‍යයන කාර්ය මණ්ඩලය 104ක් සිටිය යුතු වුවද මේ වනවිට රාජකාරි කටයුතු සිදු කරනු ලබන සාමාජිකයන් ගණන 43කි. තවද අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද මේ වනවිට රාජකාරි කටයුතු සිදු කිරීමට නිලධාරින් 49 දෙනෙකු පමණක් සිටින අතර ඉන් 13 දෙනෙකු අධ්‍යයන නිවාඩු ලබාගෙන ඇත.
ඒ අනුව, මෙම පීඨයේ පවතින කාර්ය මණ්ඩලවල පුරප්පාඩු සඳහා අනුමත තාවකාලික කාර්ය මණ්ඩලයෙන් 20ක් බඳවා ගැනීමට 2025.12.20 දිනැතිව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා 17 දෙනෙකු හා අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා 03 දෙනෙකු බඳවාගෙන ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2025.09.19 දිනැතිව අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 79ක් බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් කර ඇත. ඒ අතරින් තනතුරු 51ක් (අධ්‍යයන තනතුරු 36ක් හා අනධ්‍යයන තනතුරු 15ක්) බඳවා ගැනීම සඳහා අමප/26/0380/802/002 - I හා 2026.03.03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව මෙම තනතුරු සඳහා කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී.
(iv) 2023/2024 ශිෂ්‍ය කණ්ඩායම සඳහා අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 05වන දින ආරම්භ කරන ලදී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks