පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1561/2025
ගරු කේ. ඉලංකුමරන් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය තික්කම් ස්කාගාරය අක්‍රිය වීම හේතුවෙන් පෙබරවාරි සිට අගෝස්තු දක්වා අධික වශයෙන් නිෂ්පාදනය වන තල් රා අපතේ යන බව දන්නේද;
(ii) එසේ නම්, එය නවීකරණය කර නැවත සක්‍රිය කිරීමට ගෙන ඇති පියවර කවරේද;
(iii) මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලය 2016.06.28 දින රු.මි. 112.5ක් අනුමත කර තිබේද;
(iv) ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය කවරේද;
(v) එය අවසන් කිරීමට අපේක්ෂා කරන දින වකවානු කවරේද;
(vi) ස්කාගාරය නවීකරණය කිරීමෙන් උතුරු පළාතේ තල් රා නිෂ්පාදකයින්ට සහ තල් සංවර්ධන සමුපකාර සමිතිවලට ලැබෙන ප්‍රතිලාභ කවරේද;
(vii) එමඟින් රැකියා, ආදායම සහ අපනයන ක්ෂේත්‍රවල දියුණුව ඇතිවන ආකාරය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අතිරික්ත තල් රා, තල් රා යුෂ, සර්ජිකල් ස්ප්‍රීතු සහ වෙනත් අගය එකතු කළ නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට පියවර ගෙන තිබේද;
(ii) උතුරු හා නැගෙනහිර පළාත්වල කුඩා පරිමාණ තල් රා සැපයුම්කරුවන් සහ තල් ආශ්‍රිත නිෂ්පාදකයින් දිරිගැන්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-25
අසන ලද්දේ
ගරු කේ. ඉලංකුමාරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනට තල් රා අපතේ යෑමක් සිදු වන බව දැනුවත්ය.
එයට විසඳුමක් ලෙස තික්කම් ස්කාගාරය සක්‍රිය කළ යුතු වේ. එමඟින් යාපනය දිස්ත්‍රික්කයේ පමණක් නොව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවලද මදින තල් රා මෙම ස්කාගාරය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වේ.
යෝජිත ස්කාගාරය සඳහා දිනකට අවශ්‍ය අවම තල් රා ධාරිතාව ලීටර් 30,000ක් පමණ වේ. එමඟින් උතුරු පළාතේ තල් රා අපතේ යෑම වළක්වා ගත හැක.
(ii) බොයිලේරු, නිස්සාරණ හා බෝතල් පිරවුම් ඒකකයන්හි පවතින සියලු යන්ත්‍රෝපකරණ 1984දී ස්ථාපනය කර ඇති අතර, වසර ගණනාවක් පුරා අවශ්‍ය අලුත්වැඩියා වරින් වර සිදු කර ඇත. එහෙත් වසර ගණනාවක් සිදු වූ ක්ෂයවීම හේතුවෙන් බොහෝ යන්ත්‍ර ක්‍රියා විරහිත වී ඇත. තික්කම් ස්කාගාරය 2012 සිට ක්‍රියාත්මක නොවේ.
තල් සංවර්ධන මණ්ඩලයේ පෙර කළමනාකරණය විසින් තික්කම් ස්කාගාරය නවීකරණය කර නැවත ක්‍රියාත්මක කිරීම සඳහා 2022 අප්‍රේල් මාසයේදී Royal Cast (Pvt.) Ltd. නමැති පෞද්ගලික සමාගමක් සමඟ ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අවුරුදු 25ක දිගු කාලීන බදු ගිවිසුමකට යොමු වී ඇත. එහෙත් ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය - තෙලිජ්ජ - සපයන තල් සංවර්ධන සමුපකාර සමිති විසින් කරන ලද විරෝධතා හේතුවෙන් එය තවමත් ආරම්භ කර නැත. ඔවුන් දන්වා සිටින්නේ, තික්කම් ස්කාගාරය ස්වාධීනව ඔවුන් හට පවත්වාගෙන යෑමට ඉඩ සලසා දෙන ලෙසයි.
ඒ අනුව, තල් සංවර්ධන සමුපකාර සමිති හා අදාළ පෞද්ගලික ආයතන සමඟ සුදුසු විසඳුමක් සඳහා සාකච්ඡා කරමින් පවතී.
(iii) නැත.
එවකට පැවති බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් 2018 වාර්ෂික අය වැය තුළ තික්කම් ස්කාගාරය නැවත ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 180ක මුදලක් වෙන් කර ඇත.
(iv) 2021 වසරේදී ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව මඟින් පරිපාලන ගොඩනැඟිල්ල, ජල ටැංකිය, ආරක්ෂක කුටිය, වැසිකිළි හා කම්කරුවන්ගේ විවේකාගාරය වැනි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇත. ඒ සඳහා වැය වූ මුදල ආසන්න ලෙස රුපියල් මිලියන 66ක් පමණ වේ. නිෂ්පාදන කර්මාන්තශාලාව පෞද්ගලික සමාගමක් හරහා නැවත ක්‍රියාත්මක කිරීමට රේඛීය අමාත්‍යාංශය ගත් තීරණය අනුව ඉතිරි මුදල් 2023දී මුදල් අමාත්‍යාංශයට ආපසු ලබා දී ඇත.
(v) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් සියලු කරුණු සලකා බලමින් පවතින අතර, එකඟතාවට පත්වීමෙන් අනතුරුව ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට අපේක්ෂිතය.
(vi) (a) තල් රා සඳහා වන වෙළෙඳ පොළ ඉල්ලුම වැඩිවීම.
(b) නාස්තිය සහ පාඩුවීම් අවම කිරීම.
(vii) (a) ආදායම් වැඩිවීම සහ ජීවන වෘත්තීය සුරක්ෂිතභාවය.
(b) රැකියා අවස්ථා වැඩිවීම.
(c) නිෂ්පාදන ගුණාත්මකභාවය හා වෙළෙඳ පොළ තරගකාරිත්වය වැඩිවීම.
(d) විදේශ වෙළෙඳ පොළ ඉලක්ක කර ගත් ඉහළ ගුණාත්මකභාවය හා තරගකාරී නිෂ්පාදන බිහි කිරීම තුළින් අපනයන ආදායම ඉහළ නැංවීම.
(ආ) (i) ඔව්.
පෞද්ගලික අංශ මඟින් අතිරික්ත තල් රා යොදාගෙන තල් රා යුෂ, සර්ජිකල් ස්ප්‍රීතු සහ වෙනත් අගය එකතු කළ නිෂ්පාදන සකසනු ලබයි.
(ii) (a) උසස් තත්ත්වයේ බීජ පැළ සංවර්ධනය කර ස්ථායී වගාව ප්‍රවර්ධනය කිරීම.
(b) ආදර්ශ තල් ගොවිපොළවල් පවත්වාගෙන යෑම හා නීති විරෝධී තල් ගස් කැපීම නැවැත්වීම.
(c) නිෂ්පාදන තත්ත්වය හා විවිධාංගීකරණය වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ සිදු කිරීම.
(d) "කට්පහම්" - Katpaham - වෙළෙඳ නාමයෙන් දේශීය සහ අපනයන වෙළෙඳ පොළ ප්‍රවර්ධනය කිරීම.
(e) කාන්තා, තරුණ සහ රැකියා විරහිත කණ්ඩායම් සඳහා තල් ආශ්‍රිත පුහුණු වැඩසටහන් පැවැත්වීම.
(f) තල් යුෂ, තල් පලතුරු සහ තල් කෙඳි යොදාගෙන සිදු කරන නිෂ්පාදන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සහ ඊට සහාය ලබා දීම. (හකුරු, පැණි, යුෂ, ජෑම්, අත්කම් නිෂ්පාදන ආදිය)
(g) සමුපකාර සමිති සහ ප්‍රජා ව්‍යාපාර ශක්තිමත් කිරීම.
(h) තල් වගාව, නිෂ්පාදනය සහ වෙළෙඳ පොළ සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක කිරීම.
(i) ප්‍රාදේශීය කාර්යාල සම්බන්ධීකරණය කර ක්ෂේත්‍ර ප්‍රගති සමාලෝචනය සිදු කිරීම.
(j) තල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ප්‍රචාරණ වැඩසටහන්, ප්‍රදර්ශන හා මහජන උත්සව සංවිධානය.
(k) වාර්ෂික "තල් බීජ වගා මාසය" සහ අනෙකුත් ප්‍රජා වැඩසටහන් පවත්වාගෙන යෑම.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks