පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1559/2025
ගරු ඉම්රාන් මහරුෆ් මහතා,— තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ පැවැත්වීම සඳහා සුදුසු ක්‍රීඩාංගනයක් නොමැති බවත්;
(ii) ‘මැකේසර් ක්‍රීඩාංගනය’ (MC Heyzer Stadium) සංවර්ධනය කිරීම ආරම්භ කළ නමුත්, මේ වනවිට එම කටයුතු අත්හැර දමා ඇති බවත්;
(iii) ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩකයන් බහුලව සිටියද ඒ සඳහා සුදුසු තණතීරු සහිත ක්‍රීඩාංගනයක් නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ‘මැකේසර් ක්‍රීඩාංගනයේ’ සංවර්ධන කටයුතු අත්හැර දැමීමට හේතු කවරේද;
(ii) එම ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමේදී නෛතික හෝ වෙනත් ගැටලු මතුවන්නේ නම්, වෙනත් ස්ථානයක සියලු පහසුකම් සහිත ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට පියවර ගන්නේද;
(iii) කන්තලේ, ත්‍රිකුණාමලය, කින්නියා සහ මුතූර් යන ප්‍රදේශවලද ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) නැගෙනහිර පළාතේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එය ඉදිකරනු ලබන කාලවකවානු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-17
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වන විට ජාතික මට්ටමේ ක්‍රීඩා තරග පැවැත්වීම සඳහා සුදුසු ක්‍රීඩාංගණයක් ඇත. එය මැකේසර් ක්‍රීඩාංගණය - McHeyzer Stadium - වේ.
(ii) මැකේසර් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා පිටිය භාරගෙන ඇත. ඒ අනුව, පිහිනුම් තටාකයේ, ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සහ මීටර් 400 ධාවන පථයෙහි වැඩ කටයුතු අවසන් කර ඇත. ප්‍රේක්ෂකාගාරයෙහි වැඩ අවසන් අදියරේ පවතී.
(iii) ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සුදුසු තණතීරු සහිත ක්‍රීඩාංගණයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වසර 10ක පමණ කාලයක සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා සුදුසු ඉඩමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය නගර සභාව සමඟ වරින් වර සාකච්ඡා සිදු කර ඇති අතර, මේ දක්වා රජයේ ඉඩමක් ලබා ගැනීමට නොහැකි වී ඇත.
(ආ) (i) මැකේසර් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී.
(ii) මැකේසර් ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේදී ගැටලු නොපවතී.
(iii) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සඳහා රජයේ ඉඩමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කරමින් පවතී.
(ඇ) (i) නැඟෙනහිර පළාතේ පිහිටි අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි රජයේ ඉඩම් තුනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව ලබාගෙන දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණ වශයෙන් ඉදි කර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ දක්වා සංවර්ධනය කිරීමට වර්ෂ 2016 සිට සැලසුම් කර ඇති නමුත්, අදාළ ඉඩම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මේ වන තෙක් ලබා ගැනීමට නොහැකි වී ඇත.
(ii) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මේ දක්වා අදාළ ඉඩම් ලබා ගැනීමට නොහැකි වී ඇති බැවින්, එම ක්‍රීඩාංගණ ඉදිකිරීම ඇනහිට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2026 අය වැය මඟින්ද මෙම ව්‍යාපෘති සඳහා අරමුදල් වෙන් කර ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-02-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks