පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-19
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 13යි.
(ii) ත්‍රිකුණාමලය මහ නගර සභාව
කින්නියා නගර සභාව
වෙරුගල් ප්‍රාදේශීය සභාව
සේරුවිල ප්‍රාදේශීය සභාව
කන්තලේ ප්‍රාදේශීය සභාව
මොරවැව ප්‍රාදේශීය සභාව
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව
පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාව
ත්‍රිකුණාමලය නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාව
කුච්චවේලි ප්‍රාදේශීය සභාව
තඹලගමුව ප්‍රාදේශීය සභාව
මුතූර් ප්‍රාදේශීය සභාව
කින්නියා ප්‍රාදේශීය සභාව
(iii)
|
පළාත් පාලන ආයතනය |
ලියාපදිංචි ඡන්ද ගණන (2025) |
කොට්ඨාස ගණන |
මන්ත්‍රීවරුන් සංඛ්‍යාව |
|
ත්‍රිකුණාමලය මහ නගර සභාව |
38,338 |
12 |
25 |
|
කින්නියා නගර සභාව |
29,131 |
8 |
15 |
|
වෙරුගල් ප්‍රාදේශීය සභාව |
9,840 |
8 |
13 |
|
සේරුවිල ප්‍රාදේශීය සභාව |
11,859 |
10 |
16 |
|
කන්තලේ ප්‍රාදේශීය සභාව |
39,124 |
13 |
21 |
|
මොරවැව ප්‍රාදේශීය සභාව |
6,918 |
9 |
17 |
|
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව |
6,692 |
10 |
17 |
|
පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාව |
9,740 |
10 |
17 |
|
ත්‍රිකුණාමලය නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාව |
35,617 |
8 |
20 |
|
කුච්චවේලි ප්‍රාදේශීය සභාව |
29,540 |
10 |
17 |
|
තඹලගමුව ප්‍රාදේශීය සභාව |
24,761 |
10 |
16 |
|
මුතූර් ප්‍රාදේශීය සභාව |
50,671 |
13 |
22 |
|
කින්නියා ප්‍රාදේශීය සභාව |
27,168 |
8 |
14 |
|
එකතුව |
319,399 |
129 |
230 |
(iv) අංක අමප/17/1521/744/015 හා 2017.07.25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි පළාත් පාලන ආයතන බෙදා වෙන් කිරීම සිදුවන අතර, ඒ සඳහා පහත නිර්ණායක අනුගමනය කරනු ලබයි.
i. ජන සංඛ්‍යාව හා ජන ඝනත්වය
ii. නිවාස ප්‍රමාණය හා ඝනත්වය
iii. සේවා සම්පාදනය හා යටිතල පහසුකම්වල දියුණුව
iv. වාණිජ හා කර්මාන්ත ආයතනවල ව්‍යාප්තිය
v. සේවා නියුක්තිය
vi. යෝජිත ආයතනයේ බල ප්‍රදේශයේ ස්වයං ජනිත ආදායම
ඉහත නිර්ණායක සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව යාවත්කාලීන කරමින් ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික සංඛ්‍යාලේඛන දත්ත වාර්තා මඟින් ලබා ගැනීමට උක්ත අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් උපදෙස් ලබා දී ඇත. තවද, ඉහත දක්වා ඇති මූලික නිර්ණායක මැනීමට පාදක කර ගත යුතු දර්ශක මොනවාද යන්නත්, එකී එක් එක් දර්ශකය අනුව බර තැබිය යුතු ප්‍රතිශතයනුත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, ඒ අනුව පළාත් පාලන ආයතන බෙදා වෙන් කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් සකස් කර ඇති ක්‍රමයට අනුව සිදු කරනු ලබයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) ආඥාපනතෙහි 3ආ.(2) අනුව පළාත් පාලන ආයතනවල කොට්ඨාස බෙදා වෙන් කිරීම සඳහා පහත නිර්ණායක අදාළ කර ගනී.
(අ) අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනවාර්ගික ජනගහන අනුපාතය සහ එම ජනවාර්ගික අනුපාතය මත පදනම් වන්නාවූ නියෝජනයක් සහතික කිරීමේ අවශ්‍යතාව;
(ආ) පළාත් පාලන ආයතනයේ භූගෝලීය ප්‍රදේශය සහ එහි භෞතික ලක්ෂණ;
(ඇ) පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනගහනය සහ එහි ජන ඝනත්වය; සහ
(ඈ) පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන මට්ටම.
(v) නැත.
(vi) අදාළ නොවේ.
(ආ) (i) ඔව්.
(ii) නැත.
පළාත් පාලන ආයතන සංස්ථාපනය සඳහා සලකා බලන සාධක ජනගහනය, ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව හා භූමි ප්‍රමාණය පමණක් නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks