01

E   |     |  

 දිනය: 2025-12-05   පිළිතුර ලබා දී ඇත 

1554/2025: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස සහ ප්‍රා.ලේ. කොට්ඨාස: විස්තර

1554/2025

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ —            

              (i)      ස්ථාපිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල කවරේද;

             (ii)      එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහනය සහ ඒවායේ ජනවාර්ගික සංයුතිය වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iii) එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ ග්‍රාම නිලධාරි කොට්ඨාස ගණන වෙන් වෙන් වශයෙන් කවරේද;

              යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිබෙන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව සහ ඒවා කවරේද;

(ii) එම කොට්ඨාසවල ජනගහනය වෙන් වෙන් වශයෙන් කොපමණද;     

(iii) මුතූර් සහ ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසයන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙක බැගින්ද, සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හයක්ද, පිහිටුවා ඇති බව දන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ භාෂාව කතා කරන ජනතාව බහුලව ජීවත්වන  ප්‍රදේශවලට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිහිටුවීමේදී, අසාධාරණයක් සිදුවී ඇති බව පිළිගන්නේද;

(ii) ඉදිරියේදී, නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටුවීමේදී, ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවට, කින්නියා ප්‍රාදේශීය සභාව සහ තෝපූර් උප-ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ සඳහා, වෙන වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිහිටුවීමට පියවර ගන්නේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-12-05

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      1.     කන්තලේ

                         2.     සේරුවිල

                         3.     මොරවැව

                         4.     වෙරුගල්

                         5.     ගෝමරන්කඩවල

                         6.     පදවි ශ්‍රී පුර

                         7.     තඹලගමුව

                         8.     ත්‍රිකුණාමලය නගර හා කඩවත්

                         9.     කුච්චවේලි

                         10.    මුතූර්

                         11.    කින්නියා

(ii)

(iii)         ඔව්.     

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  

ජනගහනය  

ජනවාර්ගික සංයුතිය

සිංහල

ලංකා දෙමළ

ඉන්දියා දෙමළ

මුස්ලිම්

බර්ගර්

වෙනත්

කන්තලේ

63,493

51,937

2,296

0

9,235

25

0

සේරුවිල

18,600

11,646

3,241

0

3,713

0

0

මොරවැව

9,532

6,421

1,460

1

1,641

0

9

වෙරුගල්

16,092

3

15,914

0

7

0

168

ගෝමරන්කඩවල

9,393

9,348

40

2

0

0

3

පදවි ශ්‍රී පුර

13,534

13,527

7

0

0

0

0

තඹලගමුව

38,274

8,753

6,529

0

22,992

0

0

ත්‍රිකුණාමලය නගර හා කඩවත්

115,308

20,961

74,336

36

18,366

1,481

128

කුච්චවේලි

43,869

905

13,307

0

29,657

0

0

මුතූර්

80,235

264

29,001

24

50,870

2

74

කින්නියා

92,321

5

4,335

0

87,949

0

32

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ග්‍රාම නිලධාරි කොට්ඨාස ගණන

කන්තලේ

23

සේරුවිල

16

මොරවැව

10

වෙරුගල්

10

ගෝමරන්කඩවල

10

පදවි ශ්‍රී පුර

10

තඹලගමුව

12

ත්‍රිකුණාමලය නගර හා කඩවත්

42

කුච්චවේලි

24

මුතූර්

42

කින්නියා

31

 

(ආ) (i)  මැතිවරණ කොට්ඨාස ගණන - 03

1. සේරුවිල

2. ත්‍රිකුණාමලය

3. මුතූර්

(ii)

 

 

මැතිවරණ කොට්ඨාසය

ජනගහනය

1

සේරුවිල

130,644

2

ත්‍රිකුණාමලය

197,451

3

මුතූර්

172,556

 

එකතුව

500,651

 

 

 

 

 

 (2024 දත්තවලට අනුව)

(iii)  ඔව්.

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

අයත් මැතිවරණ කොට්ඨාසය

කන්තලේ

සේරුවිල

සේරුවිල

 

මොරවැව

 

වෙරුගල්

 

ගෝමරන්කඩවල

 

පදවි ශ්‍රී පුර

 

තඹලගමුව කොටසක්

 

ත්‍රිකුණාමලය නගර හා කඩවත්

ත්‍රිකුණාමලය

කුච්චවේලි

 

තඹලගමුව කොටසක්

 

මුතූර්

මුතූර්

කින්නියා

 

තඹලගමුව කොටසක්

 

 

** ඉහත මැතිවරණ කොට්ඨාස 03 සඳහාම තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොටසක් අයත් වේ.

(ඇ) (i) පිළිනොගනී.

(ii) "2012 සහ 2021 වර්ෂයන්හි පැවති සීමා නිර්ණය කමිටු නිර්දේශයන් නැවත සලකා බැලීම සඳහා නව කමිටුවක් පත් කිරීම සහ එම කමිටුව විසින් ලබා දෙන නිර්දේශ අනුව, නව පරිපාලනමය සීමාවන් ගැසට් කිරීම" සම්බන්ධයෙන් 2025 අගෝස්තු 04 දිනැතිව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලද සන්දේශය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති 2025 අගෝස්තු මස 12 දිනැති අමාත්‍ය මණ්ඩලය තීරණ අංක අමප/25/1344/816/056 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2012 සීමා නිර්ණය කමිටු නිර්දේශයන්ද පදනම්ව 2021 වර්ෂයට අදාළව ක්‍රියාත්මක වූ සීමා නිර්ණය කමිටුව මඟින් ලබා දී ඇති නි‍ර්දේශ සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට නියමිත අතර, එහිදී මේ සම්බන්ධයෙන් සලකා බැලිය හැකිය.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks