පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-19
අසන ලද්දේ
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) එම අරාබි විද්‍යාල වර්ග තුනක් අනුව ලියාපදිංචි කෙරේ.
1. තාවකාලික ප්‍රාථමික අරාබි පාසල් (TPAS - Temporary Preliminary Arabic Schools) ලියාපදිංචි කේතය (MRCA/13/1/T/PAS/....)
2. ප්‍රාථමික අරාබි පාසල් (PAS - Preliminary Arabic Schools) ලියාපදිංචි කේතය (MRCA/13/1/PAS/....)
3. අරාබි විද්‍යාල (AC - Arabic Colleges) ලියාපදිංචි කේතය (MRCA/13/1/AC/....)
(ආ) (i) එම අරාබි විද්‍යාලවලින් බොහොමයක් පළමු ශ්‍රේණියට නොව දෙවන ශ්‍රේණියට අයත් වේ. එම විස්තර පහත පරිදි වේ.
අරාබි පාසල්
එකතුව - 321
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් දැනට තාවකාලිකව ප්‍රාථමික අරාබි පාසලේ සිට ප්‍රාථමික අරාබි පාසල් සඳහා වන උත්ශ්‍රේණිගත කිරීම -upgrading- සිදු කරමින් පවතී.
ප්‍රාථමික අරාබි පාසලේ සිට අරාබි විද්‍යාලය දක්වා වූ ශ්‍රේණිගත කිරීමේ කටයුතු දැනට සිදු නොවේ.
(ii) දෙවන අදියරේ සිට තුන්වන අදියර දක්වා ශ්‍රේණිගත කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. එය 2019 ඉඳලා තමයි අත්හිටුවා තිබෙන්නේ, ගරු මන්ත්‍රීතුමනි.
අරාබි විද්‍යාල සඳහා වන පොදු විෂය මාලාව සහ ඊට අනුරූප රාමුවේ කෙටුම්පත් සම්පූර්ණ කර සමාලෝචනය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට මේ වන විට ඉදිරිපත් කර ඇත.
එම පියවර ජය ගත්තාට පසුව තමයි අපට නැවත upgrading එක කරන්න පුළුවන් වෙන්නේ. ඒකේ හොඳ පියවර කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉස්සරහට තබා තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක MOD/NID/CD/OUT/01 (VOL 05-428) හා 2025.10.26 දිනැති ලිපිය අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ 2025 ඔක්තෝබර් 13 දින පෙර වරු 9.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීමේදී ගරු ජනාධිපතිතුමා විසින් පහත පරිදි උපදෙස් ලබා දී ඇත.
1. එක් එක් ආගම් තුළ ඉගැන්වීම් සහ ආගමික අධ්‍යාපනය නියාමනය කිරීම සඳහා පුළුල් යන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ආගම් නියෝජනය කරන ප්‍රමුඛ ආගමික නායකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම
මද්‍රසා පාසල්වලට විතරක් නොව, ඊට වඩා පුළුල්ව හිතලායි එය කරන්නේ.
2. ජාතික අධ්‍යාපන ප්‍රමිතීන්ට සහ අධීක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කරමින්, ඉස්ලාමීය ආගමික නායකයන් සමඟ සාකච්ඡා කර, මද්‍රසා ඇතුළු පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා සුදුසු නියාමන රාමුවක් සකස් කිරීම
(එම ලිපියේ පිටපත ඇමුණුම I ලෙස මෙම පිළිතුරට එක් කර ඇත.)
මේ අනුව ඉතා නුදුරු දවසකදී මේ ගැටලුව ජය ගන්න අපට පුළුවන් වනවා. ගරු කථානායකතුමනි, ඉතා වැදගත් වනවා, මවුලවිවරුන් බිහි කරන මේ පාසල් ප්‍රවර්ගය. ඒ ගැන ඉතා පැහැදිලි අදහසක් අපට තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.
ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ උපදෙස් අනුව පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිලධාරින් 11දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2026.03.06 දිනැතිව පත් කර ඇත. ඊට අදාළ ලේඛනය ඇමුණුම II ලෙස පිළිතුරට එක් කර ඇත.
ඉහත ඇමුණුම් I සහ II සභාගත* කරමි.
ගරු කථානායකතුමනි, ප්‍රධාන කරුණු තුනක් එම කමිටුවට පැවරී තිබෙනවා.
1. මද්‍රසා අධ්‍යාපන පනත කෙටුම්පත් කිරීම
2. මද්‍රසා අධ්‍යාපන ආයතන සඳහා පොදු විෂය මාලාවක් - syllabus එකක් - සකස් කිරීම
3. අල් අලීම් අවසාන විභාගය (I හා II) සඳහා විෂය නිර්දේශය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම
මෙම කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම කමිටුව 2026.03.25වන දා රැස්වීමට නියමිත ය. අදාළ කමිටුව ගන්නා තීරණය අනුව ඉදිරි කටයුතු සිදු කරනු ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks