පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1547/2025
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අනාරක්ෂිත ලෙස විදුලි කණු සහ විදුලි රැහැන් සවිකර ඇති බව දන්නේද;
(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර තිබේද;
(iii) අඩු ධාරිතාවයකින් යුතු විදුලි රැහැන් පද්ධති පුළුල් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-22
අසන ලද්දේ
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අමාත්‍යාංශය හැටියට ඇත්තටම අපට කියන්න පුළුවන්කම තිබෙන්නේ, කිසිම අවස්ථාවක විදුලිබල මණ්ඩලයේ හෝ අනුප්‍රාප්තික සමාගම් හැටියට අනාරක්ෂිත විදුලි රැහැන්, විදුලි කණු සවි කරන්නේ නැති බවයි.
නමුත්, පසු කාලීනව සමහර වෙලාවට ස්වාභාවික හේතූන්, එහෙම නැත්නම් මිනිස් ක්‍රියාකාරකම් වැනි විවිධ හේතුන් නිසා ඒවායේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා අමාත්‍යාංශය හැටියට, විදුලිබල මණ්ඩලය හැටියට සහ එහි අනුප්‍රාප්තික සමාගම් හැටියට අපි කිසිම ලෙසකින් අනාරක්ෂිත විදුලි කණු හෝ විදුලි රැහැන් සවි කිරීමට කටයුතු කරන්නේ නැහැ.
(ii) අපි සාමාන්‍යයෙන් විදුලි කණු සහ රැහැන් ස්ථාපනය කරන්නේ සම්මත ක්‍රමවේදයන්ට අනුව නිසි අධීක්ෂණය යටතේයි. මම කලින් සඳහන් කළා වාගේ, පසු කාලීනව බාහිර හේතූන් නිසා එහෙම අනාරක්ෂිත තත්ත්වයකට පත් වීමට පුළුවන්කම තිබෙනවා. ඒ වාගේ අවස්ථාවක දෝෂ පරීක්ෂා කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි හඳුනා ගෙන ඒවාට ප්‍රමුඛතාව ලබා දීලා කටයුතු කරන්න විදුලිබල මණ්ඩලය හැටියට සහ අනුප්‍රාප්තික සමාගම හැටියට කටයුතු කරමින් ඉන්නවා.
(iii) විදුලි බලය බෙදා හැරීමේ, විදුලි රැහැන් පද්ධති දියුණු කිරීමේ කටයුතු සාමාන්‍යයෙන් නිරන්තරයෙන්ම සිදු කෙරෙනවා. ඒක ක්‍රම දෙකකට තමයි කරන්නේ.
විදුලි රැහැන් වැඩිදියුණු කිරීම සඳහා වාර්ෂිකව වෙන් කරන "පද්ධති දියුණු කිරීමේ" ප්‍රතිපාදන මඟින් දෛනිකව හඳුනා ගන්නා පද්ධති දියුණු කිරීමත්, විදුලි රැහැන් පද්ධති පුළුල් කිරීම හා පද්ධති සංවර්ධනය කිරීම සඳහාත් ද්වි වාර්ෂිකව සකසනු ලබන වැඩ පිළිවෙළක් තිබෙනවා, "මධ්‍යම වෝල්ටීයතා පද්ධති සංවර්ධන සැලැස්ම" නමින්. මෙන්න මේ ක්‍රම දෙක මඟින් තමයි ඒ අදාළ විදුලි රැහැන් වැඩිදියුණු කිරීමේ කටයුතු කරන්නේ. 2026 වර්ෂයේ අය වැය ප්‍රතිපාදනවලට යටත්ව රුපියල් මිලියන 17,835ක් මේ සඳහා වෙන් කරලා තිබෙනවා. Breakdown එක හැටියට කිව්වොත්, පද්ධති දියුණු කිරීමේ ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන 9,744ක් සහ මධ්‍යම වෝල්ටීයතා පද්ධති සංවර්ධන සැලැස්ම යටතේ රුපියල් මිලියන 8,091ක් වෙන් කරලා තිබෙනවා. මෙන්න මේ ව්‍යාපෘති දෙක යටතේ අවශ්‍ය වන වැඩිදියුණු කිරීම් කෙරෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks