logo

02

E   |     |  

 දිනය: 2026-04-23   පිළිතුර ලබා දී ඇත 

1546/2026: වතු පේළි නිවාස: නඩත්තුව

.

අසන ලද දිනය

2026-04-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

ලැයිම් කාමර (තනි බැරැක්ක)

58,896

ලැයිම් කාමර (යුගල බැරැක්ක)

57,379

ලැයිම් කාමර එකතුව

116,275

ද්විත්ව නිවාස (තට්ටු)

1,104

 

 

 

 

         (ii)      අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ ඍජු පරීක්ෂාවක් සිදු කර නැහැ. එහෙත්, අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වන වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය - NEVIDA - සහ වැවිලි මානව සංවර්ධන භාරය - PHDT - මඟින් අදාළ පරීක්ෂාව  සිදු කර තිබෙනවා. එසේම, වතු සමාගම්වලින් ද අවශ්‍ය අවස්ථාවලදී මේ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.

(iii) ඔව්. යම් මට්ටමකින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා කියලා දැනුවත් කරන්න කැමැතියි. ඒ වාගේම, වතු සමාගම් විසින් මෙම පේළි නිවාසවල කානු පද්ධති නිසි පරිදි අවශ්‍යතාව මත නඩත්තු කිරීම් කටයුතු කරගෙන යනවා. ඒ වාගේම, නැවත සෙවිලි කිරීම් සිදු කරනවා.  වතු සමාගම් විසින් අපි සමඟ Clean Sri Lanka වැඩසටහන යටතේ ඒකාබද්ධ වෙලා පේළි නිවාස ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කරපු බවත් දැනුම් දෙන්න කැමැතියි.

(iv) වැවිලි ප්‍රදේශවල පදිංචි මලෛයහම් ප්‍රජාව පේළි නිවාසවල වෙනුවට ස්ථිර නිවාසවල ඉඩම් අයිතිය සහිතව පදිංචි කරවීමේ ර‍ජ‍යේ ප්‍රතිපත්තිය අනුව අමාත්‍යාංශය විසින් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව වැවිලි ප්‍රදේශවල පදිංචි මලෛයහම් ප්‍රජාව සඳහා ස්ථිර නිවාස ලබා දීමට ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 10,000ක් සෑදීමට ඉලක්ක කරගෙන තිබෙනවා. එයින් නිවාස 4,000කට ආසන්න සංඛ්‍යාවක වැඩ කටයුතු මේ වන විට අවසන් කරලා තිබෙනවා. තවත් නිවාස 1,300ක වැඩ මේ වන විට කරමින් යනවා. මේ වසර අවසන් වන විට එය අවසන් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. එසේම තවත් නිවාස 2,026ක වැඩ කටයුතු මේ වසර තුළ ආරම්භ කරන්න නියමිතව තිබෙනවා. ඒ වාගේම ඉදිරි වර්ෂය තුළ තවත් නිවාස 2,674ක වැඩ කටයුතු ආරම්භ කිරීමට මූලික සැලසුම් අපි සකස් කරමින් ඉන්නවා. තවද, එම නිවාස සඳහා ප්‍රවේශ මාර්ග, අභ්‍යන්තර මාර්ග පද්ධති සකස් කිරීම මෙන්ම, විදුලිය සපයා දීම සහ පානීය ජල පහසුකම් සපයා දීම රජයේ ප්‍රතිපාදන මඟින් සිදු කරමින් තිබෙනවා. නිවාසවල වහල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති 2025 ප්‍රතිපාදන මත ආරම්භ කළා. ඒ වාගේම 2026.05.31 වන විට නිවාස 268ක වහල නව සෙවිලි තහඩු යොදා ප්‍රතිසංස්කරණය කරලා තිබෙනවා. 2026 වසර අවසන් වීමට පෙර තවත් පේළි නිවාස 467ක වහල නව සෙවිලි තහඩු යොදාගෙන ප්‍රතිසංස්කරණය කිරීම රජය සහ වැවිලි සමාගම් ඒකාබද්ධව සිදු කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා.

එසේම ප්‍රාදේශීය වැවිලි සමාගම්ද පේළි නිවාස යම් මට්ටමකින් නඩත්තු කරන බව දන්වන්න කැමැතියි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-06-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks