01

E   |     |  

 දිනය: 2026-04-09   පිළිතුර ලබා දී ඇත 

1545/2026: වතු ප්‍රජාව: ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීම

.

අසන ලද දිනය

2026-04-09

අසන ලද්දේ

ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        වතු ප්‍රජාව අතුරින් කොටසක් ලයින් කාමරවල ජීවත් වන අතර, තවත් කොටසක් රජය හෝ වෙනත් ආයතන හෝ විදේශීය රාජ්‍ය ආධාර මත හෝ ස්වයං දායකත්වයෙන් ඉදි කරගත් නිවාසවල ජීවත් වේ.

              (ii)      වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් ප්‍රජා යටිතල පහසුකම් අංශය සහ අමාත්‍යාංශය යටතට ගැනෙන අනෙකුත් අදාළ ආයතන මඟින් පහත පරිදි ක්‍රියාත්මක ඒ යටතේ වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය කියලා අපේ අමාත්‍යාංශය යටතේ ආයතනයක් ක්‍රියාත්මක වනවා. ඒ මඟින් ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය යටතේ හදන ගෙවල් සඳහා ඔප්පු සූදානම්  කර තිබෙනවා.

ඒ වාගේම අපේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය - ජනවසම - මඟින් අදාළ ඔප්පු සූදානම් කර තිබෙනවා. මලෛයහම් ප්‍රජාවේ එක නිවාසලාභියෙකුට පර්චස් 10ක් දෙන්න අපි සැලසුම් කර තිබෙනවා සහ ලබා දී තිබෙනවා.

ඒ වාගේම ඇල්කඩුව වැවිලි සමාගම මඟිනුත්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව මඟිනුත් ඒ කටයුත්ත ඒ විධියට කරනවා.

(iii) ඉහත (i) සහ (ii) මඟින් පිළිතුර සපයා තිබෙනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks