E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1527/2026: කෝකිලායි සහ නයාරු කළපු අවට තෙත්බිම් සහ පක්ෂීන්ගේ වාසස්ථාන: පාරිසරික සංචාරක සංවර්ධනය

ගරු තුරෛරාසා රවිකරන් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි සහ නායාරු කලපු, ඒ අවට තෙත්බිම් සහ පක්ෂීන්ගේ වාසස්ථාන, පාරිසරික සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සඳහා සුදුසු පරිසරයක් බව දන්නේද;

(ii) එම ප්‍රදේශවල සංචාරකයින් සඳහා පරිසර හිතකාමී නවාතැන් (Eco-Hotels) ඇතුළු සංචාරක පහසුකම් සම්බන්ධ වත්මන් තත්ත්වය කවරේද;

(iii) එම ප්‍රදේශ, පාරිසරික සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කර වැඩි සංචාරකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හෝ ප්‍රධාන සැලසුමක් සකස් කර තිබේද;

(iv) තිරසර පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ එම ප්‍රදේශවල පවතින ජෛව විවිධත්වය හා සංක්‍රමණික පක්ෂීන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) පරිසර සංචාරක මඟපෙන්වීම, බෝට්ටු සේවා සහ නවාතැන් පහසුකම් ආදී  ක්ෂේත්‍රවල ප්‍රදේශවාසී ජනතාව පුහුණු කිරීම ඇතුළුව, දැනට ක්‍රියාත්මක කරන සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ජීවනෝපාය අවස්ථා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks