logo

E   |     |  

 දිනය: 2026-03-18   පිළිතුර ලබා දී ඇත 

1514/2026: ත්‍රිකුණාමලය වරාය: 2010-2024 දක්වා මෙහෙයුම් ලාභය/අලාභය

1514/2025

ගරු රොෂාන් අක්මීමන මහතා,— වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      වර්ෂ 2010 සිට 2024 දක්වා ත්‍රිකුණාමලය වරායේ මෙහෙයුම් ලාභය/අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ත්‍රිකුණාමලය වරායට අයිතිව තිබූ ජැටි හෝ පර්යන්ත බදු පදනම මත හෝ වෙනත් පදනමක් මත විවිධ පෞද්ගලික සමාගම් සඳහා ලබාදී තිබේද;

(iii) එසේ නම්, එම සමාගම් කවරේද;

(iv) ඉහත සමාගම් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවිය යුතු බදු හෝ වෙනත් ගෙවීම් නිසි පරිදි ගෙවා තිබේද;

 (v) එසේ නම්,  වර්ෂ 2005 සිට 2024 දක්වා එම ගෙවීම් සම්බන්ධ තොරතුරු එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට ත්‍රිකුණාමලය වරාය සතුව පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ රජයේ හිමිකාරිත්වයක් සහිත ජැටි හෝ පර්යන්ත තිබේද;

 (ii) එසේ නම්,  එම ජැටි හෝ පර්යන්ත කවරේද;

(iii) ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පවතින සැලසුම් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-03-18

අසන ලද්දේ

ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      පවතින වාර්තාවලට අනුව මෙහෙයුම් ලාභය/(පාඩුව) පහත දැක්වෙන ආකාරයට වාර්තා කරනු ලැබේ.

වර්ෂය

රු. (මිලියන)

2010

(382.94)

2011

(532.28)

2012

(248.91)

2013

(242.26)

2014

(220.64)

2015

(229.07)

2016

139.32

2017

317.46

2018

160.22

2019

278.37

2020

96.49

2021

(111.91)

2022

1,176.09

2023

479.32

2024

926.03

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ii) වරාය අධිකාරිය සතු ජැටි පෞද්ගලික සමාගම් වෙත බදු දී නොමැත.

නමුත් ඇතුළත වරාය පාර පිහිටි වරාය මෙහෙයුම් කටයුතු සඳහා යොදා නොගත් අත්හැර දමන ලද Vegetable Jetty සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි අලංකරණය කර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා නැ‍ඟෙනහිර පළාත් සංචාරක කාර්යාංශය වෙත තාවකාලික පදනමක් මත කෙටි කාලීනව බදු දී ඇත.

(iii) පැන නොනඟී.

(iv) 2025 නොවැම්බර් මාසයේ සිට 2026 පෙබරවාරි මාසය දක්වා කාල සීමාව සඳහා වන මාසික බදු මුදල හැර, බදු කුලිය සහ බදු මුදල් මෙම ආයතනය විසින්ම ගෙවා ඇත.

(v) බදු ආදායම - 2024-2025

වර්ෂය

බදු කුලිය

2.50% ස.ආ.දා. බද්ද

18% වැට්බදු

එකතුව

2024

(සැප්.-දෙසැ.)

400,000.00

10,256.40

73,846.12

484,102.52

2025

1,250,000.00

32,051.28

230,769.14

1,512,820.42

(ආ) (i) ඔව්.

(ii) අශ්රොෆ් ජැටිය, පරණ ජැටිය (කස්ටම් ජැටි) - භාවිත‍යේ නැත. වෙජිටබල් ජැටි (භාවිතයේ නැත), තෙල් ජැටිය, TTA ජැටිය, ලංකා පාලම (භාවිතයේ නැත), මඩ්‍කෝ ජැටිය, ටවුන් ජැටිය, මුතූර් ජැටිය (භාවිතයේ නැත)

(iii) ඇමුණුමෙහි** සඳහන් වේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks