පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-09
අසන ලද්දේ
ගරු බී.ආරියවංශ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
ඇමුණුම 01 සභාගත* කරමි.
දළ වශයෙන් කිව්වොත්, සාමාන්‍යයෙන් රටේ ගම්මිරිස් වගා කරනවා, හෙක්ටෙයාර 42,000කට වැඩි ප්‍රමාණයක. පසුගිය 2024 වර්ෂය ගත්තොත්, මෙට්‍රික් ටොන් 39,616ක අස්වැන්නක් අරගෙන තිබෙනවා. ඊට කලින් එපමණ අස්වැන්නක් අරගෙන නැහැ. ඊට වඩා අඩු අස්වැන්නක් තමයි අරගෙන තිබෙන්නේ.
(ii) ඇමුණුම 02හි දක්වා තිබෙනවා. ඒ අනුව සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 100ට වැඩි - ඩොලර් මිලියන 100-150 අතර - ආදායමක් වාර්ෂිකව අපි ලබා තිබෙනවා. ඇමුණුම 02හි වැඩි විස්තර තිබෙනවා. එය පහත දැක්වෙනවා.
ඇමුණුම 02.
(iii) වගාකරුවන් තවදුරටත් දිරිමත් කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග:
1. ගම්මිරිස් නව වගාවක් ලෙස ආරම්භ කිරීම සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබා දීම හා ආයෝජන ආධාර ලබා දීම.
2. කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන යටතේ නොමිලේ ගම්මිරිස් පැළ ලබා දීම.
3. ඵලදායීතාව ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ දැනුම, නොමිලේ පාළු පැළ හා ආයෝජන ආධාර ලබා දීම.
4. ගම්මිරිස් වගාවට කාලගුණයෙන් සිදු වන විපර්යාසවලට අනුහුරු කරවීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම.
5. පළිබෝධ/ සත්ත්ව හානි වළක්වා ගැනීමේ උපාංග/ පද්ධති ලෙස විදුලි වැට/ ශබ්ද තරංග විහිදුම් යන්ත්‍ර/ දැල් වැට/ වායු තුවක්කු හෝ වෙනත් උපාංග පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම.
6. ගම්මිරිස් වගාවේ රෝග හා පළිබෝධ පාලනය.
7. ගම්මිරිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කර ගැනීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හා යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කිරීම හා GAP සහතික නිකුත් කිරීම.
8. ගම්මිරිස්වල ගුණාත්මය වැඩිදියුණු කර අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීමට අවශ්‍ය පසු අස්වනු තාක්ෂණ ක්‍රියාවලිය සඳහා පසු අස්වනු තාක්ෂණ උපකරණ වෙනුවෙන් ආයෝජන ආධාර ලබා දීම.
9. ගම්මිරිස් නිෂ්පාදනයන් කාබනික නිෂ්පාදනයන් ලෙස විදේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම හා කාබනික නිෂ්පාදන අළෙවිකරණ හා සාධාරණ වෙළෙඳ ක්‍රමය පිළිබඳ සහතිකකරණය මෙන්ම කාබනික වගාවන්ට අදාළ අනෙකුත් සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් හා ආයෝජන ආධාර ලබා දීම.
10. මාධ්‍ය හරහා දැනුවත් කිරීම.
11. ගම්මිරිස් නිෂ්පාදනයන්, අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් මෙන්ම සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් සම්බන්ධ කර දීම.
12. අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම. මේ කටයුත්ත දැනට කරගෙන යනවා.
13. ගම්මිරිස් වගාව පිළිබඳ පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks