01

E   |     |  

 දිනය: 2026-03-19   පිළිතුර ලබා දී ඇත 

1502/2026: රත්නපුර දිස්ත්‍රික්කයේ කෙසෙල් වගාකරුවන්: ගැටලු

.

අසන ලද දිනය

2026-03-19

අසන ලද්දේ

ගරු බී.ආරියවංශ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i)            

ප්‍රදේශය

කෙසෙල් වගා වපසරිය (හෙක්ටෙයාර)

ඇඹිලිපිටිය (පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ)

     404.2

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බලප්‍රදේශයට අයත් චන්ද්‍රිකා වැව කොට්ඨාසය

1583

එකතුව

   1987.2

(ii)      ඇඹිලිපිටිය (පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ) - පවුල් 911

                    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බලප්‍රදේශයට අයත් චන්ද්‍රිකා වැව           කොට්ඨාසය - පවුල් 2,108

මුළු පවුල් සංඛ්‍යාව - 3,019

(iii) වෙළෙඳපොළෙහි කෙසෙල් මිල උච්චාවචනය වීම, ස්ථාවර ආදායමක් ලබා ගැනීමට ගැටලුවක්ව පවතී. මෙහිදී විශේෂයෙන් වෙනත් පලතුරු වෙළෙඳ පොළට පැමිණෙන පලතුරු වාරයන්හිදී කෙසෙල් මිල පහළ බැසීම සිදුවේ.

(iv) · අළෙවි අපහසුතා මඟහැරවීම සඳහා කෙසෙල් අපනයනය සහ කෙසෙල් ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන බිහි කිරීමට සුදුසු ව්‍යවසායකයින් බිහි කිරීම.

Ø කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ රාජ්‍ය බැංකු හා එක්ව කෘෂි ව්‍යවසායකයින් සඳහා අඩු පොලී ණය පහසුකම් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක අතර, ආහාර සුරක්ෂිතතා හා තාක්ෂණ වැඩසටහන යටතේ ද සියයට 50ක රජයේ දායකත්වය මත කෙසෙල් වගාව සඳහා සහන ලබාදීම සිදු කරයි.

  • · මහවැලි අධිකාරිය මඟින් ක්‍රියාත්මක කෘෂි අපනයන ගම්මාන වැඩසටහන යටතේ පෞද්ගලික ආයතන සම්බන්ධීකරණයෙන් - Ceylon Fresh Fields Private Limited සහ Dole Lanka (Pvt.) Limited - ඇඹුල් කෙසෙල් අපනයනයට පියවර ගෙන ඇත.

Ø දේශීය වෙළඳපොළෙහි අඩු මිලක් පවතින ඇඹුල් කෙසෙල් සඳහා ඉහත අපනයන සමාගම් මේ වන විට කිලෝවක් සඳහා රුපියල් 150ක ප්‍රමාණවත් මිලක් ලබා දීම සිදුකරයි.

  • · අපනයනයට සුදුසු ගුණාත්මයෙන් යුතු නිෂ්පාදනයන් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් මේ වන විට පහත පරිදි ගොවීන් වෙත දිරි ගැන්වීම් සිදුකර ඇත.

අනු අංකය

ක්‍රියාකාරකම

ලබා දුන් සංඛ්‍යාව

ප්‍රතිලාභීන් සංඛ්‍යාව

වැය කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය (රු.මි.)

01

කෘෂි ළිං ඉදිකිරීම සඳහා රු. 200,000.00 බැගින් සහනාධාර ලබා දීම

    84

  84

       16.8

02

සියයට 50 මහවැලි දායකත්වය මත කෙසෙල් කැන් ආවරණ ලබා දීම

2355

    7

0.243375

03

සියයට 50 මහවැලි දායකත්වය මත ජල පොම්ප ලබා දීම

      5

    5

   0.2242

04

පටක රෝපිත කෙසෙල් පැළ/ මොරෙයියන් භාවිත කර වගා කරන ලද ගොවීන්ට සහනාධාර ලබා දීම

පැළ සංඛ්‍යාව

 

 

14850

  33

   0.7515

05

කෙසෙල් කැන් ආවරණ දැමීම පහසු කිරීම සඳහා සියයට 50 මහවැලි දායකත්වය මත ඇලුමිනියම් ඉණිමං ලබා දීම

   40

  40

       0.60

 

එකතුව

 

169

     18.62

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks