පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1500/2025
ගරු බී. ආරියවංශ මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වතු නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) 2020 වර්ෂයේ සිට මේ දක්වා එම වතු නිවාස සංවර්ධනය කිරීම සඳහා වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන‍් කොපමණද;
(iii) එම වතු නිවාස සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-18
අසන ලද්දේ
ගරු බී.ආරියවංශ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
නිවාස වර්ගය (Type of house) |
නිවාස ගණන (Total number of houses) |
|
තනි නිවාස සංඛ්‍යාව - (Single houses) |
3,717 |
|
යුගල නිවාස සංඛ්‍යාව - (Twin cottages) |
2,869 |
|
තනි පේළි ලයින් නිවාස සංඛ්‍යාව - (Line rooms - single barrack) |
6,876 |
|
ද්විත්ව පේළි නිවාස සංඛ්‍යාව - (Line rooms - double barrack) |
8,605 |
|
මහල් (තට්ටු) පේළි නිවාස සංඛ්‍යාව - (Upstair line rooms) |
9 |
|
තාවකාලික මඩු - (Temporary sheds) |
2,159 |
|
එකතුව - (Total) |
24,235 |
(ii) 01. 2020 වර්ෂයේ සිට වතු නිවාස සංවර්ධනය සඳහා වෙන් කරන ලද මුදල්
|
වර්ෂය |
වෙන් කරන ලද මුදල (රුපියල් මිලියන) |
|
2020 |
680.79 |
|
2021 |
1,000 |
|
2022 |
300 |
|
2023 |
500 |
|
2024 |
500 |
|
2025 |
767 |
02. රත්නපුර දිස්ත්‍රික්කය සඳහා 2020 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා වෙන් කරන ලද ප්‍රතිපාදන ඇමුණුම් i සහ ii වශයෙන් ඉදිරිපත් කර ඇත.
2021 වර්ෂයට අදාළව රුපියල් මිලියන 58.5යි. 2025 වර්ෂයට අදාළව රුපියල් මිලියන 10.2යි.
(iii) මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් ගත්තොත්, ඇමුණුම iii හා iv හි සඳහන් නිවාස ව්‍යාපෘති අපි කඩිනමින් නිම කරන්නට කටයුතු කරමින් තිබෙනවා.
ඒවා ටිකක් විශාල ඇමුණුම් නිසා මම ඔබතුමාට බලා ගැනීම සඳහා ඉදිරිපත් කරනවා.
ඇමුණුම් i, ii, iii හා iv සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks