පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1499/2025
ගරු බී. ආරියවංශ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ‘ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය’ යටතේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම ව්‍යාපෘති අතරින් මේ වනවිට අතරමඟ නතර කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(iii) එම ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-01-23
අසන ලද්දේ
ගරු බී.ආරියවංශ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 'ළඟම පාසල - හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 846කි. ඒ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඇමුණුම් අංක 01, 02 සහ 03 යටතේ තිබෙනවා. ව්‍යාපෘතිය සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් එහි සඳහන් වෙනවා.
දීර්ඝ විස්තරයක් තිබෙන බැවින්, ඇමුණුම් 01, 02 සහ 03 මා සභාගත* කරනවා.
(ii) සංවර්ධන ව්‍යාපෘති කිසිවක් අතර මඟ නතර කර නොමැති අතර, පළාත් සභාව මඟින් ක්‍රියාත්මක කළ පළාත් පාසල් 2ක පමණක් ව්‍යාපෘති 2ක් ක්‍රියාත්මක වෙමින් පවතී. එම ව්‍යාපෘති 2 ද 2026 වර්ෂයේ මුල් කාර්තුව තුළ අවසන් වීමට නියමිතය.
(iii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks