01

E   |     |  

 දිනය: 2025-11-25   පිළිතුර ලබා දී ඇත 

1498/2025: රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල්: පුරප්පාඩු

1498/2025

ගරු බී. ආරියවංශ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ, මධ්‍යම රජය යටතේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii)      එම රෝහල්වල නම් කවරේද;

(iii) එම එක් එක් රෝහලේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-25

අසන ලද්දේ

ගරු බී.ආරියවංශ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      මධ්‍යම රජය යටතේ (‍රේඛීය අමාත්‍යාංශය යටතේ)           -   02

                        පළාත් සභාව යටතේ    -     110

                        එකතුව      -      112

              (ii)      ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

              (iii)      ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

              (iv)      දැනට රෝහල්වල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමේදී සේවා අවශ්‍යතාව සලකා රෝහල් වෙත අනුයුක්ත කිරීම සිදු කරනු ලැබේ.

               (v)      ශික්ෂණ රෝහල රත්නපුර

  • නව හෘද රෝග ඒකකයක් ඉදිකිරීම.
  • පිළිකා රෝගී ඒකකයේ II වන අදියර ඉදිකිරීම.
  • දිස්ත්‍රික් මහ රෝහල ඇඹිලිපිටිය
  • මහල් පහකින් යුත් බාහිර රෝගී අංශය ඉදිකිරීම.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-11-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks