පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු තුරෛරාසා රවිකරන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) මේ වනවිට සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) උතුරු පළාතේ —
(i) අනුමත සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව, මේ වනවිට සිටින සහ ඒ අනුව අතිරික්ත/හිඟ සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව සහ සේවා ස්ථානය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වසර 05කට වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ සේවය කරනු ලබන සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) දීර්ඝ කාලයක් දුෂ්කර ප්‍රදේශවල සේවය කරන සංවර්ධන නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සඳහා කරන ලද ඉල්ලීම්, ආදේශකයන් නොමැතිවීම හේතුවෙන් අවලංගු වන බව දන්නේද;
(iv) සංවර්ධන නිලධාරින් සඳහා සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-08
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කරන නිලධාරින් 27,571ක් එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වැය ශීර්ෂ යටතේ ගණනය කර ඇති අතර, දිස්ත්‍රික්ක අනුව සේවය කරන නිලධාරින් සංඛ්‍යාව ඇමුණුම මඟින් දක්වා ඇත. එය පහත පරිදි වේ.
අනෙකුත් නිලධාරින් 51,602ක සංඛ්‍යාව ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල වැය ශීර්ෂය යටතේ ගණනය වී ඇති බැවින් එම නිලධාරින් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් බෙදී ගොස් ඇති අතර, එම නිලධාරින් දිස්ත්‍රික්කයන්ට අනුයුක්තව සේවය කරන ආකාරය පිළිබඳ තොරතුරු එක් එක් අමාත්‍යාංශ මඟින් ලබා ගෙන ඉදිරිපත් කළ හැක.
(ආ) (i) 2025.06.01 දිනට උතුරු පළාතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන අනුමත සංඛ්‍යාව සහ අතිරික්ත සංඛ්‍යාව පහත සඳහන් කර ඇත.
|
අනු අංකය |
දිස්ත්‍රික් ලේකම් / ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
අනුමත තනතුරු සංඛ්‍යාව |
සේවය කරන සංඛ්‍යාව |
අතිරික්ත සංඛ්‍යාව |
|
1 |
යාපනය |
747 |
1599 |
852 |
|
2 |
කිලිනොච්චිය |
183 |
357 |
174 |
|
3 |
මන්නාරම |
213 |
272 |
59 |
|
4 |
මුලතිව් |
241 |
331 |
90 |
|
5 |
වවුනියාව |
190 |
244 |
54 |
(ii) එක් සේවා ස්ථානයක වසර 05කට වැඩි කාලයක් සේවය කරන ලද නිලධාරින්ගේ තොරතුරු කැඳවනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ස්ථාන මාරු පටිපාටිය අනුව වාර්ෂිකව නිකුත් කරනු ලබන වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය අනුවය. 2025.07.21 දිනැතිව නිකුත් කරන ලද ඒකාබද්ධ සේවා චක්‍රලේඛ 02/2025 අනුව ලබා ගත් තොරතුරු අතරින් ස්ථාන මාරු ලබා දිය හැකි නිලධාරින්හට 2025 වර්ෂයේ වාර්ෂික ස්ථාන මාරු ලබා දී ඇත. 2026 වර්ෂයේ වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය නිකුත් කළ පසු එක් ස්ථානයක වසර 05ක සේවා කාලයක් සේවය කරන නිලධාරින් සම්බන්ධයෙන් ඉදිරි ස්ථාන මාරු කටයුතු සිදු කළ හැක.
(iii) අනුප්‍රාප්තිකයන් නොමැති වීම හේතුවෙන් වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීම් අවලංගුවීමක් සිදු නොවේ. වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීම් මඟින් සිදු කරනු ලබන්නේ සේවා ස්ථාන කිහිපයක සේවය කරන නිලධාරින් සේවා ස්ථාන අතර චක්‍රයක් වන පරිදි වන අතර, දිස්ත්‍රික්ක අතර සමානුපාතිකව නිලධාරින් අනුයුක්ත කර නොමැති වීම, දුෂ්කර ප්‍රදේශයන් සඳහා වන ස්ථාන මාරු ඉල්ලීම් අවම වීම හේතුවෙන් ස්ථාන මාරු ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වී ඇත.
(iv) ඒකාබද්ධ සේවයේ නිලධාරින් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ XVIII පරිච්ඡේදයේ පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් අනුමත කරන ලද සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු පොදු ස්ථාන මාරු ප්‍රතිපත්තියක් පවතින අතර, එම ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් වසරක් පාසා වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය නිකුත් කරනු ලබයි. එම ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුව අදාළ නිලධාරින් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් අනුව ස්ථාන මාරු ලබා දෙනු ලබන අතර, එම කාර්යයේදී එම නිලධාරි කණ්ඩායම්වල වෘත්තීය සමිති නියෝජනයන් සඳහා ද නිරීක්ෂණ හා අදහස් ලබා දීමට ඉඩ ප්‍රස්ථා සලසා දෙනු ලැබේ. ඉන්පසු වාර්ෂික ස්ථාන මාරු කමිටු පිහිටුවා තීරණ ලබා දීම සිදු කරන අතර, එම තීරණ සම්බන්ධයෙන් අතෘප්තියට පත් නිලධාරින්හට ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත අදාළ ස්ථාන මාරු තීරණ සමාලෝචනය කිරීමට ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි ය. සමාලෝචන අවස්ථාවෙන් පසුව නිකුත් කරන වාර්ෂික ස්ථාන මාරු පිළිබඳව සෑහීමකට පත් නොවන නිලධාරින්හට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා කිරීමටත් එම තීරණවලින් අතෘප්තියට පත් නිලධාරින්හට පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය වෙත අභියාචනා කිරීමටත් ඉඩ ප්‍රස්ථාව ඇත.
නිලධාරින් වාර්ෂික ස්ථාන මාරු සඳහා ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වලට අනුව අදාළ රීති ප්‍රකාරව වඩාත් සාධාරණ ලෙස නිලධාරියාට ලබා දිය හැකි සේවා ස්ථානයක් වෙත ස්ථාන මාරු ලබා දීමට සැම විටම කටයුතු කරනු ලැබේ.
ස්ථාන මාරු තීරණ ලබා දීමේදී නිලධාරියාගේ සේවා කාලය, ඉල්ලුම් කරන සේවා ස්ථානවල ගැළපීම් කළ හැකි නිලධාරින් සිටීද යන්න මෙන්ම ප්‍රතිලාභ සහිත ආයතන වෙත කරනු ලබන ඉල්ලීම් ආදිය සලකා බැලෙන අතර, එම නිර්ණායක මත පදනම්ව ස්ථාන මාරු ලබා දෙනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks