පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1491/2025
ගරු අජිත් ගිහාන් මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට අයහපත් බලපෑමක් සිදුවී තිබෙන බව දන්නේද;
(ii) ඒ වෙනුවෙන් එම ධීවරයන්ට වන්දි ලබාදී තිබේද;
(iii) එසේ නම්, මේ වනවිට ලබාදී ඇති වන්දි මුදල කොපමණද;
(iv) පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට වන්දි ලබා දීම සඳහා මේ වනවිට සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-05
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර, ජලජ සහ සාගර සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා පනවන ලද ධීවර තහනම හේතුවෙන් පාර්ශ්ව කිහිපයකට විවිධ වශයෙන් බලපෑම් ඇති විය. එම පාර්ශ්ව ඍජු ලෙස ධීවර රැකියාවේ යෙදෙන කාණ්ඩ 23ක් සහ වක්‍ර ලෙස ධීවර රැකියාවේ යෙදෙන කාණ්ඩ 23ක් වශයෙන් හඳුනා ගන්නා ලදී. මීට අමතරව ධීවර ආම්පන්නවලට සිදු වූ හානිය හා මීගමුව කළපුවේ ජලජීවී වගාකරුවන්ට සිදු වූ හානිය ද හඳුනා ගෙන ඇත.
(ii) ඔව්. ඉහත (i) කොටසේ හඳුනාගත් හානි වෙනුවෙන් වන්දි ගෙවීම සිදු කරන ලදී.
(iii) පළමු අදියරේදී ධීවර ජනතාවට සහ ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවල නිරත වූ අයට හානිය තක්සේරු කර නීතිපති දෙපාර්තමේන්තුව මඟින් නැවේ රක්ෂණ සමාගම වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 56.90ක වන්දි මුදලක් ඉල්ලුම් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත අභියාචනා ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 2.28ක මුදලක් නීතිපති දෙපාර්තමේන්තුව මඟින් නැවේ රක්ෂණ සමාගම වෙතින් නැවත ඉල්ලීම් කරන ලදී.
ඒ අනුව මේ වනවිට අවස්ථා හතරකදී නැවේ රක්ෂණ ආයතනය වෙතින් අගතියට පත් පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම් වෙනුවෙන් රුපියල් මිලියන 2,980.5ක වන්දි මුදලක් ලැබී ඇත. හඳුනාගත් පුද්ගලයන් සඳහා එක් එක් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා වන්දි ගෙවීම් කටයුතු සිදු කරනු ලබන අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2,794.96ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කොට ඇත.
(iv) පුත්තලම් දිස්ත්‍රික්කයට අදාළ වන අයුරින් විශේෂ වැඩ පිළිවෙළක් සකස් කර නොමැත. නමුත් පුත්තලම් දිස්ත්‍රික්කයේද ධීවර ආම්පන්න සහ උපකරණවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් තහවුරු කරන ලද සිද්ධීන් සඳහා අදාළ ගෙවීම් සිදු කොට ඇත.
(ආ) විද්‍යාත්මකව තහවුරු කරන ලද වාර්තාවක් මත පදනම්ව මීගමුව කලපුව සහ මීගමුවේ සිට පානදුර දක්වා වර්ග කිලෝමීටර් 457ක ප්‍රදේශයකට ධීවර තහනම පනවනු ලැබූ අතර, ජීවනෝපාය අහිමි වීම වෙනුවෙන් ඔවුනට වන්දි ගෙවා ඇත. ඊට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශයන්හි ධීවරයන් වෙත ජීවනෝපාය අහිමි වීම හේතුවෙන් වන්දි ගෙවීම් සිදු නොකරන ලදී. නමුත් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ධීවර ආම්පන්න හා උපකරණවලට සිදු වූ හානි සම්බන්ධව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ ගෙවීම් මේ වනවිට සිදු කර අවසන්ව ඇත.
පිළිතුරු දුන් දිනය
2026-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks