පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-09
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්. අදාළ පිළිතුර ඇමුණුම Iහි දක්වා ඇත.
(iii) සමුපකාර සම්බන්ධයෙන් පුහුණුවීම්, දැනුවත් කිරීම් හා අනෙකුත් කටයුතු සඳහා ශ්‍රවණාගාරයක් ඉදි කිරීම.
මෙගා කෝප් සිටි, ග්‍රාමීය බැංකුවක් සහ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව - STC -, ජාතික සමුපකාර සංවර්ධන ආයතනය - NICD - වැනි අනෙකුත් රාජ්‍ය ආයතනවල ප්‍රාදේශීය මධ්‍යස්ථාන ස්ථානගත කිරීම සඳහා බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.
(iv) ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොමැති හෙයින් ඒ සම්බන්ධව වාර්තාවක් නැත.
(v) මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සී/348/20/සී.එම්. යන අංකය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.
අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ තීරණයක් අනුව මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් පත් කරන ලද කමිටුවක් මඟින් විමර්ශනයක් සිදු කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්, මන්නාරම වෙත දන්වා ඇත.
(vi) විමර්ශනයේ අවසන් වාර්තාව ලැබී නොමැත.
(ආ) (i) අංක P/G/3, ජාතික නිවාස සංකීර්ණය, මාලිගාවත්ත, කොළඹ 10 පදිංචි, මොහොමඩ් සයුනුදීන් මොහොමඩ් අසාම් (ජා.හැ.අංක 803264511V) මහතා විසින් 2017.11.23 දිනැති අංක 2301 දරන තෑගි ඔප්පුව මඟින් මෙම ව්‍යාපෘතියේ ගොඩනැගිලි ඉදි කර ඇති ඉඩම ශ්‍රී ලංකා ව්‍යවසාය සංවර්ධන සමුපකාර සමිතිය වෙත පවරා ඇත. මෙම ඉඩම මන්නාරම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ B222/60 යටතේ ලියාපදිංචි කර ඇත. අදාළ තෑගි ඔප්පුව ඇමුණුම II මඟින් ඉදිරිපත් කර ඇත.
(ii) සමිතිය/සංගමය ලියාපදිංචි ලිපිනය - සී/ස ශ්‍රී ලංකා ව්‍යවසාය සංවර්ධන සමුපකාර සමිතිය,
"වෙන්ගඩේෂ්වර ගොඩනැගිල්ල,
මන්නාරම් පාර,
වවුනියාව.
ලියාපදිංචි කළ දිනය - 2016.02.08
ලියාපදිංචි අංකය - සමු. 47 - ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රය ඇමුණුම III මඟින් ඉදිරිපත් කර ඇත.
(iii) ඔව්. සීමාසහිත ශ්‍රී ලංකා ව්‍යවසාය සංවර්ධන සමුපකාර සමිතියේ අතුරු ව්‍යවස්ථාව ඇමුණුම IV මඟින් ඉදිරිපත් කර ඇත.
(iv) සංගමයේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ විස්තර ඇමුණුම V මඟින් ඉදිරිපත් කර ඇත.
(v) මෙම සමිතිය විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ තාරපුරම් සමුපකාර ගම්මාන ව්‍යාපෘතියක් 2018 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, එම ව්‍යාපෘතියේ කටයුතු මේ වන විටත් අවසන් වී නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks