පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-05-07
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) · කැළි කසළ බැහැර කිරීම විධිමත්ව සිදු කරනු ලබයි.
1. සත්ව මළ අපද්‍රව්‍ය කළමනාකරණය
සත්වෝද්‍යානය තුළ ජනනය වන සත්ව මළ අපද්‍රව්‍ය ඍජුව බැහැර නොකර, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගනු ලැබේ. විශේෂයෙන් අලි වසුරු, වසුන් ද්‍රව්‍ය -bedding materials/mulch - ලෙස සකස් කර ගෝනපොළ සහ කහපොළ ගොවිපළවල කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතයට ගනු ලැබේ.
2. ඉතිරි වන සත්ව ආහාර කළමනාකරණය
සත්වයන්ට ලබා දීමෙන් අනතුරුව ඉතිරි වන ආහාර ද්‍රව්‍ය කාබනික ස්වභාවයේ බැවින්, එම ද්‍රව්‍යද කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගනු ලැබේ. තවද, මස් ආශ්‍රිත අපද්‍රව්‍ය, එනම් මස් කටු වැනි දෑ නිසි ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දාහකය - incinerator - මඟින් දහනය කරනු ලැබේ.
අතිරේක වශයෙන් ඉදිරියේදී කාබනික අපද්‍රව්‍ය කාර්යක්ෂමව පොහොර බවට පත් කිරීමේ අරමුණින් Black Soldier Fly larvae භාවිත කරමින් නවීන ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
3. පොලිතීන් ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණය
සත්වෝද්‍යානය තුළ ජනනය වන පොලිතීන් ආශ්‍රිත අපද්‍රව්‍ය වෙන් කර, එකතු කර අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබේ.
4. ප්ලාස්ටික්, වීදුරු සහ කාඩ්බෝඩ් අපද්‍රව්‍ය
ප්ලාස්ටික් බෝතල්, වීදුරු සහ කාඩ්බෝඩ් වැනි ද්‍රව්‍ය වෙන් කර, එකතු කර ඒවා අදාළ එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත භාරදෙනු ලැබේ.
5. කරදියාන කසළ අංගණය වෙත කසළ බැහැර කිරීම
දෙහිවල සත්වෝද්‍යානයේ කසළ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මඟින් පාලනය වන කරදියාන කසළ අංගණය වෙත බැහැර කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර, මෙම ගිවිසුම යාවත්කාලීන කර පවත්වා ගෙන යනු ලැබේ.
(ii) ඔව්.
I. නරඹන්නන්හට මිලදී ගන්නා ආහාර වර්ග එම ස්ථානයේ සිටම සුව පහසුවට ආහාරයට ගැනීමට හැකි වන පරිදි ප්‍රධාන ආපන ශාලාව සහ සුබසාධක අළෙවි සැල පිහිටුවා ඇත.
II. කෙටි කෑම වර්ග හා පාන වර්ග මිලදී ගැනීම සඳහා අළෙවි සැල් 7ක් පමණ ස්ථාපිත කර ඇත.
III. මෙයට අමතරව නරඹන්නන් විසින් රැගෙන එන ආහාර වර්ග ඔවුන්ට පහසුවෙන් භුක්ති විඳිය හැකි වන පරිදි කූඩාරම් - summer huts - ඉදි කර ඇති අතර, පානීය ජල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් ද ස්ථාපිත කර ඇත. එසේම විශාල පිරිසකට එකවර ඔවුන් රැගෙන එන ආහාර අපහසුවකින් තොරව භුක්ති විඳීම සඳහා අලි රංග පීඨය 1 හා 2 ද භාවිත කළ හැක. මෙයට අමතරව හංස විල, මුව අරණ ඉදිරිපිට, බෙංගාල ව්‍යාඝ්‍ර අරණ සහ මුහුදු සිංහ රංග පීඨය වැනි ස්ථාන වලද විශාල ප්‍රමාණයකට ආහාර ගැනීමට පහසුකම් සලසා ඇත.
IV. මෙම ස්ථාන අතරින් දැනට සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කලාප කිහිපයක් පමණක් මහජනයාට තාවකාලිකව වසා ඇති අතර, ඉතිරි සියලුම ස්ථාන වසර පුරාම ජනතාවට විවෘතව පවතී.
(iii) * නැත.
* අලුතින් ස්ථාන ඉදිකිරීම අවශ්‍ය නොවේ. නමුත් මෙම ස්ථානවල අලුත්වැඩියා සහ සංවර්ධන කටයුතු වාර්ෂිකව සහ කාලීන අවශ්‍යතා මත සිදු කෙරේ. වාර්ෂික ප්‍රතිපාදන යටතේ මෙම ස්ථාන නවීකරණය වාර්ෂිකව සිදු කරනු ලැබේ.
(iv) මාසික ආදායම සහ වියදම මෙසේයි.
|
Year |
Month |
Income |
Recurrent Expenditure |
|
|
January |
22,660,785.12 |
20,704,755.75 |
|
|
February |
18,928,710.09 |
20,784,523.75 |
|
|
March |
19,366,766.49 |
23,123,675.65 |
|
|
April |
20,974,847.39 |
26,893,422.40 |
|
|
May |
15,778,302.20 |
74,708,079.17 |
|
|
June |
19,957,946.59 |
35,611,684.76 |
|
2025 |
July |
29,566,593.34 |
24,015,541.27 |
|
|
August |
57,903,751.73 |
31,562,320.95 |
|
|
September |
33,451,319.44 |
38,241,033.48 |
|
|
October |
18,619,536.94 |
34,022,870.21 |
|
|
November |
26,325,815.25 |
35,555,085.42 |
|
|
December |
20,444,761.88 |
66,400,742.78 |
|
|
January |
23,182,169.85 |
18,825,497.51 |
|
2026 |
February |
20,633,180.35 |
41,659,867.68 |
|
|
March |
19,567,025.41 |
30,192,671.21 |
Department of National Zoological Gardens
Action plan - 2026 - Consolidated Fund
|
Vote Particulars of Allocation |
Activity No. |
Activities |
Allocation 2026 (Rs. Mn) |
|
1 |
|
Development of Dehiwala Zoo |
70.00 |
|
1-2001 |
|
Buildings and structures (Repairs/renovations) |
22.00 |
|
|
i |
Renovation of animal enclosures and visitor facilities |
21.00 |
|
|
ii |
Small-scale repairs (Annually) |
1.00 |
|
1-2104 |
|
Building and structures (Constructions) |
18.00 |
|
|
i |
Construction of Toilet Complex - continuation |
17.00 |
|
|
ii |
Small-scale development |
1.00 |
|
1-2105 |
|
Land and land improvements |
15.00 |
|
|
i |
Kahapola Farm land development |
3.00 |
|
|
ii |
Gonapola Farm land development |
2.00 |
|
|
iii |
Construction of animal holding area at Gonapola |
10.00 |
|
1-2506 |
|
Infrastructure Development |
15.00 |
|
|
i |
Road no. 07 repair - Phase 01 |
13.70 |
|
|
ii |
Worker facility development |
1.30 |
(ආ) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks