පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-22
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) ක්‍රීඩකයන්ට ක්‍රීඩා භාණ්ඩ සහන මිලට ලබා දීමට ප්‍රායෝගිකව දුෂ්කර වේ. කෙසේ වෙතත්, උසස් කාර්ය සාධන සංචිතයේ ක්‍රීඩකයන් සිය ක්‍රීඩා කුසලතා පවත්වාගෙන යෑම හා ක්‍රීඩා භාණ්ඩ සපයා ගැනීම සඳහා කාණ්ඩ 4ක් යටතේ මාසික දීමනා ලබා දීම සිදු කරයි.
Tier 01 - රු.150,000.00
Tier 02 - රු. 100,000.00
Tier 03 - රු. 75,000.00
Tier 04 - රු. 50,000.00
මෙයට අමතරව, ඉහත කාණ්ඩවල සෑම ක්‍රීඩකයෙකුටම රුපියල් 60,000ක පෝෂණ දීමනාවක් ලබා දෙන අතර, ඒ අනුව, එම කාණ්ඩවල ක්‍රීඩකයන්ට පහත පරිදි මාසික දීමනා හිමි වේ.
Tier 01 - රු. 210,000.00
Tier 02 - රු. 160,000.00
Tier 03 - රු. 135,000.00
Tier 04 - රු. 110,000.00
තවද, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා පිහිටි තෝරාගත් පාසල් හා දිස්‍ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ වෙත ක්‍රීඩා භාණ්ඩ ලබා දීම සිදු කරනු ලබයි.
2025 වර්ෂයේදී රුපියල් මිලියන 25ක මුදලක් වියදම් කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර ඇමුණුමෙහි දැක්වේ.
ඇමුණුම සභාගත* කරමි.
2026 වර්ෂයේ "ක්‍රීඩා සංස්කෘතිය" ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 150ක මුදලක් පාසල්වල ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමට වෙන් කර ඇත.
ග්‍රාමීය පාසල් හා යෞවන සමිති සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 450ක් වෙන් කර ඇති අතර, එම ව්‍යාපෘතියේ ප්‍රතිපාදන යොදවා ක්‍රීඩා භාණ්ඩ මිල දී ගැනීමට කටයුතු කරනු ලැබේ.
(ii) මේ වන විට දේශීය ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් හා සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-06-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks