පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1466/2025
ගරු අම්බිකා සාමිවෙල් මෙනෙවිය,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වැවිලි වතුවල සේවකයින් වන සතුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරුවීම්, සර්පයින් හා බඹරුන්ගේ දෂ්ට කිරීම් සහ රසායනික ද්‍රව්‍ය නිසා සිදු වන අනතුරුවලට ලක් වන බව දන්නේද;
(ii) ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන්නේද;
(iii) එසේ නම්, පසුගිය වසර පහ තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත අනතුරුවලින් සේවකයින් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වැවිලි වතු සේවකයින් සේවා ස්ථානවලදී සේවායෝජකයින්ගෙන් වාචික, ශාරීරික හෝ වෙනත් ආකාරයෙන් හිංසනයට ලක් වන බව දන්නේද;
(ii) එම හිංසන වළක්වා ගැනීම සඳහා නීතිමය පියවර ගෙන තිබේද;
(iii) නොඑසේ නම්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-18
අසන ලද්දේ
ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii)
• ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වන වැවිලි වතුවල සේවකයින් වනසතුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වීම්, සර්පයින් හා බඹරුන්ගේ දෂ්ට කිරීම් සහ රසායනික ද්‍රව්‍ය නිසා සිදු වන අනතුරුවලට ලක්වීම් පිළිබඳව පැමිණිලි වාර්තා වේ.
• එසේ වුවත්, ප්‍රාදේශීය වැවිලි සමාගම්වල වතු සේවකයින් සම්බන්ධ තොරතුරු අමාත්‍යාංශය වෙත වාර්තා නොවේ. මේ සම්බන්ධයෙන් පොදුවේ කතිකාවක් පැවතියද, එම අනතුරු සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් වාර්තා කරන ලද පැමිණිලි/තොරතුරු අප සතුව නොමැත.
(iii) දෛනිකව වැඩකටයුතු කරගෙන යාමේදී වතු සේවකයන් වනසතුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වීම් සහ සර්පයින් හා බඹරුන්ගේ දෂ්ට කිරීම් ආදී අනතුරුවලට ඇතැම් විට භාජන වන අවස්ථා පවතී. කෙසේ වුවද මෙම තොරතුරු නිශ්චිත ලෙස වාර්තා වී නොමැත.
• ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් ලද තොරතුරු අනුව, වර්ෂයකට දළ වශයෙන් බඹරුන්ගෙන් සිදුවන අනතුරු 500ක් පමණ වාර්තා වේ.
• ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතුයායවල -තේ වතුවල- පසුගිය වසර 05 තුළ බඹර ප්‍රහාරවලට ලක්වීම් 19ක්, සර්ප දෂ්ට කිරීම් 6ක්, වල් අලි ප්‍රහාර 5ක් සහ දෙබර ප්‍රහාර 1ක් වාර්තා වී ඇත.
(iv) රාජ්‍ය වැවිලි සංස්ථාව මඟින් පහත පරිදි පියවර ගෙන තිබේ:
• ඉවත් කළ හැකි මට්ටමේ පවතින බඹර වද කම්කරුවන් යොදවා ඉවත් කිරීම.
• තේ පඳුරු තුළ බඹර වද ඇති ස්ථාන හඳුනාගෙන එම ස්ථානවලට වැඩ සඳහා සේවකයන් නොයෙදීම.
• හදිසි අවස්ථාවක බඹර ප්‍රහාරවලට ලක්වීමකදී ඔවුන් සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය මඟින් පහත පරිදි පියවර ගෙන තිබේ:
• ක්ෂේත්‍ර මායිම් එළිපෙහෙළි කර අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කිරීම.
• බඹරු වද බඳින ගස්වල අතු ඉවත් කිරීම දිගටම කරගෙන යෑම.
• බඹර කූඩු ඉවත් කිරීම සිදු කිරීම.
• වතු සේවකයන් හට සේවා කාලය තුළ අවශ්‍ය ආරක්ෂක ආවරණ -මුඛ ආවරණ, අත්වැසුම් හා පාවහන් ආදිය- ලබා දී, ඒවා පැළඳීමට උපදෙස් ලබා දීම.
ප්‍රාදේශීය වැවිලි සමාගම්වලින් පහත පරිදි පියවර ගෙන තිබේ:
• මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් විසින් මධ්‍යම පළාත් තේ වතු ආශ්‍රිත ජන ජීවිතයට තර්ජනයක්ව ඇති බඹර ප්‍රහාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ පුහුණු වැඩසටහන් සංවිධානය කර තිබුණි.
• රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිත කිරීමට හා අනතුරු වළක්වා ගැනීමට වතු කළමනාකාරීත්වය විසින් නිරන්තරයෙන් වතු සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරනු ලබනවා. රසායනික ද්‍රව්‍ය යොදන සේවකයන් සඳහා පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් පසු ස්නානය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සිදු කරන බවට වාර්තා වෙනවා.
• ජාතික හා අන්තර්ජාතික පාරිසරික තත්ත්ව සහතික - Rainforest Alliance Certificates - ලබා ගැනීමේදී නිර්ණායක ලෙස රසායනික ද්‍රව්‍ය හැසිරීම සහ භාවිතය පිළිබඳව අනිවාර්යයෙන් සලකා බැලීම සිදු කරනු ලබනවා.
(ආ) (i) තොරතුරු වාර්තා වී නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks