පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1464/2025
ගරු අම්බිකා සාමිවෙල් මෙනෙවිය,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික තරුණ සේවා සභාව විසින් දෙමළ භාෂා මාධ්‍යයෙන් පුහුණු මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන්නේද;
(ii) එසේ නම්, එම පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථාන කවරේද;
(iv) ඒවා අතරින් දෙමළ භාෂා මාධ්‍යයෙන් පවත්වා ගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථාන කවරේද;
(v) ඉහත පුහුණු මධ්‍යස්ථානවල පවත්වනු ලබන පාඨමාලා කවරේද;
(vi) එම මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-25
අසන ලද්දේ
ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) පුහුණු මධ්‍යස්ථාන 13කි.
1. සයින්දමරුදු පුහුණු මධ්‍යස්ථානය
2. පුදුකුඩිඉරුප්පු පුහුණු මධ්‍යස්ථානය
3. ඔඩ්ඩමාවඩි පුහුණු මධ්‍යස්ථානය
4. ත්‍රිකුණාමය (ලව්ලේන්) පුහුණු මධ්‍යස්ථානය
5. වවුනියාව පුහුණු මධ්‍යස්ථානය
6. මන්නාරම පුහුණු මධ්‍යස්ථානය
7. පුනගරී පුහුණු මධ්‍යස්ථානය
8. යාපනය පුහුණු මධ්‍යස්ථානය
9. කිලිනොච්චි පුහුණු මධ්‍යස්ථානය
10. ලෙව්වේගොඩ පුහුණු මධ්‍යස්ථානය
11. දඹුල්ල පුහුණු මධ්‍යස්ථානය
12. බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය
13. නෝර්වුඩ් පුහුණු මධ්‍යස්ථානය
(iii) · ඔරුබැඳිවැව පුහුණු මධ්‍යස්ථානය
(iv) ලෙව්වේගොඩ පුහුණු මධ්‍යස්ථානය.
(v)
|
අ/අ |
මධ්‍යස්ථානය |
පාඨමාලාව |
|
01 |
ඔරුබැඳිවැව |
|
|
02 |
ලෙව්වේගොඩ |
|
|
03 |
හල්දුම්මුල්ල |
|
(vi) භාණ්ඩාගාර ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැත.
පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා ප්‍රතිපාදන ප්‍රවාහ 2ක් පවතී.
භාණ්ඩාගාර ප්‍රතිපාදනවලට අමතරව අභ්‍යන්තර ආදායම් මඟින් හිඟ කළමනාකරණය කරනු ලබයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks