E   |     |  

 දිනය: 2026-05-07   පිළිතුර ලබා දී ඇත 

1457/2026: මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල: පුරප්පාඩු

1457/2025

ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)     මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්හි තැපැල් කාර්යාල සඳහා අනුමත, මේ වනවිට ‍සේවය කරන සහ පුරප්පාඩු පවතින සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද; 

(ii) ඉහත සේවක පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(iii) මේ වනවිට ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාල ස්ථාපිත කර නොමැති දිස්ත්‍රික්ක කවරේද;

(iv) වවුනියාවේ පවත්වාගෙන යනු ලබන මුලතිව් දිස්ත්‍රික්කයට අයත් තැපැල් අධිකාරි කාර්යාලය නැවතත් මුලතිව් හි ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ආ) (i) තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා මේ වනවිට වාහන පහසුකම් නොමැති දිස්ත්‍රික්ක කවරේද;

(ii) කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබාදීම පිණිස ඉහත දිස්ත්‍රික්ක සඳහා වාහන/ප්‍රවාහන පහසුකම් ලබාදීමට ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-05-07

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)                 මුලතිව් දිස්ත්‍රික්කය:

 

තනතුර

අනුමත

දැනට සිටින සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

තැපැල් සේවා නිලධාරි I පෙළ

03

00

03

තැපැල් සේවා නිලධාරි II/III පෙළ

12

11

01

උප තැපැල් ස්ථානාධිපති

17

14

03

තැපැල් සහායක

81

74

07

ලියාපදිංචි ආදේශක

29

18

11

එකතුව

142

117

25

 

මන්නාරම දිස්ත්‍රික්කය:

 

තනතුර

අනුමත

දැනට සිටින සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

තැපැල් සේවා නිලධාරි I පෙළ

 06

 04

02

තැපැල් සේවා නිලධාරි II/III පෙළ

27

18

 09

උප තැපැල් ස්ථානාධිපති

35

27

08

තැපැල් සහායක

118

110

08

ලියාපදිංචි ආදේශක

42

37

05

එකතුව

228

196

32

වවුනියාව දිස්ත්‍රික්කය:

 

තනතුර

අනුමත

දැනට

 

සිටින සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

සහකාර අධිකාරි (ප්‍රධාන තැපැල් කාර්යාල)

01

01

00

තැපැල් සේවා නිලධාරි I පෙළ

05

02

03

තැපැල් සේවා නිලධාරි II/ III පෙළ

25

20

05

උප තැපැල් ස්ථානාධිපති

34

27

07

තැපැල් සහායක

124

111

13

ලියාපදිංචි ආදේශක

42

14

28

එකතුව

230

174

56

 

(ii) 2025.12.31 දිනට අධීක්ෂණ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන/ තාක්ෂණික නිලධර ගණයේ II/III පෙළ නිලධාරින් 4,288ක් අනුමත කාර්ය මණ්ඩලය වේ. නමුත්, ඉන් දැනට සේවය කරනු ලබන්නේ 2,714ක් පමණක් වන අතර, පවතින පුරප්පාඩු සංඛ්‍යාව 1,574කි. ඒ අනුව එම පුරප්පාඩු පිරවීම සඳහා 2025.10.25 දින තරග විභාගයක් පවත්වා  දිස්ත්‍රික් පදනමින් 600ක් බඳවා ගැනීමට කටයුතු කළා.

අපි 600ක් බඳවා ගැනීමට කටයුතු කළත් ගරු මන්ත්‍රීතුමනි, මේ විභාගය සහ සම්මුඛ පරීක්ෂණය සමත් වෙලා බඳවා ගන්න පුළුවන්කම ලැබුණේ 326ක් පමණයි. එයින්, මුලතිව්  දිස්ත්‍රික්කයට එක්කෙනෙක්, මන්නාරම දිස්ත්‍රික්කයට තුන්දෙනෙක් සහ වවුනියාව දිස්ත්‍රික්කයට දෙදෙනෙක් හැටියට බඳවා ගැනීමට නියමිතයි.

(iii) කිලිනොච්චි හා මුලතිව්.

(iv) මුලතිව්හි ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයක් ස්ථාපිත කිරීමට තරම් ප්‍රමාණවත් තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල සංඛ්‍යාවක් නොමැති නිසා, මුලතිව් සඳහා වෙනමම  ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයක් මේ වෙලාවේදී විවෘත කරන්න හැකියාවක් නැහැ.

මුලතිව් ප්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාසයේ තැපැල් කාර්යාල 04ක් සහ උප තැපැල් කාර්යාල 17ක් තිබෙනවා. කිලිනොච්චිය ප්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාසයේ තැපැල් කාර්යාල 04ක් සහ උප තැපැල් කාර්යාල 36ක් පවතිනවා. මම කලින් කිව්වා වාගේම එය තැපැල් අධිකාරි කොට්ඨාසයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා කොට්ඨාස දෙකේම රාජකාරි වවුනියාව ප්‍රාදේශීය තැපැල් අධිකාරිය යටතට පවරා තිබෙනවා.

(ආ) (i) තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා මේ වනවිට ප්‍රවාහන පහසුකම් නොමැති  දිස්ත්‍රික්ක නැත.

(ii) වවුනියා දිස්ත්‍රික්කය වෙත වෑන් රථ දෙකක් ලබා දී ඇති අතර, එම වෑන් රථ මඟින් වවුනියාව තැපැල් කාර්යාලයේ සිට තලෙයිමන්නාරම, වවුනියාව හා මුලතිව් තැපැල් කාර්යාලය දක්වා තැපැල් ප්‍රවාහනය කරනවා.‍‍

තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අඩුපාඩුවක්ව තිබුණු ප්‍රවාහන කටයුතු සම්පූර්ණ කරන්න අපි පසුගිය කාලයේ කටයුතු කළා. ඒ අනුව නව ලොරි රථ 10ක් සහ කෲ කැබ් රථ 20ක් ලබා

දුන්නා. මේවායින් අදාළ තැන්වලට ප්‍රවාහන පහසුකම් සලසමින් ඉන්නවා. ඊට අමතරව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංගම මඟිනුත් මේ ප්‍රවාහන කටයුතු සලසා ගන්නවා.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks