පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ජල පෝෂිත ප්‍රදේශවලට ආසන්නව පිහිටා ඇති කුඹුරු ඉඩම්වල ජලයට ලවණ මුසු වන බවත්, මහ කන්නයේදී කුඹුරු ගංවතුරට යටවීමෙන් වගාවන් විනාශයට පත්වන බවත් දන්නේද;
(ii) එසේ නම්, එම තත්ත්වයන් වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මඩකලපුව, පට්ටිරුප්පු ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයට අයත් මහිලූර් පෙරිය කුලම සහ කුඹුරු ඉඩම් අතරද, මණ්ඩූර් 1 හා 2 කුඹුරු ඉඩම් සහ ගඟ අතරද ලවණ බාධක ඉදිකිරීම මඟින් කන්න දෙකේදීම වගාකටයුතු කළ හැකි බව දන්නේද;
(ii) එසේ නම්, එම තත්ත්වය යථා තත්වයට පත් කිරීම සඳහා ලවණ බාධක ඉදිකිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ගොවීන් විසින් මෙම ලවණ බාධක අමුණු යථාවත් කර දෙන ලෙස අඛණ්ඩව ඉල්ලීම් කර ඇතත්, ඒවා යථාවත් කිරීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොලැබේ. එහෙත් ගොවි සංවිධානවල ඉල්ලීම් අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් ලවණ ජල බාධක අමුණු අලුත්වැඩියා කර ලබාදී ඇත.
(ආ) (i) එහි කුඹුරු ඉඩම්වලින් අක්කර 60ක් පමණ දැනට වගා කරනු ලබන්නේ යල කන්නයේදී පමණි.
(ii) වැසි කාලය තුළ මණ්ඩූර් 1 හා 2 ප්‍රදේශයේ පවතින බැමි මාර්ගය -bund road- ජලයෙන් යටවීම නිසා යාබද කුඹුරුවලට යන ප්‍රවේශ මාර්ගය අවහිර වේ. ඒ අනුව මුණයිවරම් අමුණ ප්‍රවේශ මාර්ගය (ලවණ ජලය බැහැර කිරීමේ බැම්ම ලෙස හැඳින්වෙන) ඉදිකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර, තෝරා ගත් ප්‍රධාන වාරි ව්‍යාපාරවල අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මුදල් වෙන් කිරීම් අනුමත කර ඇත. ඒ අනුව ජූලි මස අවසානය වන විට බලාපොරොත්තු වන යල කන්නයේ අස්වනු නෙළීම අවසන් වීමෙන් පසු මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එසේ නමුත් ඉහත කුඹුරු ඉඩම් කළපුවට ආසන්නයේ පිහිටා ඇති නිසා මහ කන්නය තුළ වගා කිරීම සුදුසු නොවේ.
(ඇ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks