පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම වර්ෂයට අදාළව අයවැයෙන් වෙන්කර ඇති මුදල කොපමණද;
(ii) කිරාන් තැපැල් කාර්යාලය පෞද්ගලික ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වන බව දන්නේද;
(iii) කිරාන් තැපැල් කාර්යාලය සඳහා නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒරාවූර්පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවේම්බු ප්‍රදේශයේ තැපැල් කාර්යාලයක් නොමැති වීමෙන් වැඩිහිටියන් සහ වැන්දඹු කාන්තාවන් චිත්තාන්ඩි උප තැපැල් කාර්යාලයෙන් ඔවුන්ගේ දීමනා ලබා ගන්නා බව දන්නේද;
(ii) මාවඩිවේම්බු ප්‍රදේශයේ නව තැපැල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේද;
(iii) උප තැපැල් කාර්යාලයක් තැපැල් කාර්යාලයක් බවට උත්ශ්‍රේණිගත කිරීමට අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-24
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks