01

E   |   த   |  

 දිනය: 2026-07-24   පිළිතුර ලබා දී ඇත 

1413/2026: නව තැපැල් කාර්යාල ගොඩනැඟිලි ඉදිකිරීම හෝ පවතින ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය: අයවැය ප්‍රතිපාදන

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       (i)     නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම වර්ෂයට අදාළව අයවැයෙන් වෙන්කර ඇති මුදල කොපමණද;

     (ii) කිරාන් තැපැල් කාර්යාලය පෞද්ගලික ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වන බව දන්නේද;

   (iii) කිරාන් තැපැල් කාර්යාලය සඳහා නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒරාවූර්පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවේම්බු ප්‍රදේශයේ තැපැල් කාර්යාලයක් නොමැති වීමෙන් වැඩිහිටියන් සහ වැන්දඹු කාන්තාවන් චිත්තාන්ඩි උප තැපැල් කාර්යාලයෙන් ඔවුන්ගේ දීමනා ලබා ගන්නා බව දන්නේද;

    (ii) මාවඩිවේම්බු ප්‍රදේශයේ නව තැපැල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේද;

   (iii) උප තැපැල් කාර්යාලයක් තැපැල් කාර්යාලයක් බවට උත්ශ්‍රේණිගත කිරීමට අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-24

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නව ගොඩනැඟිලි      -                               රුපියල් මිලියන  400

                        ඉදිකිරීමට                               

 

ප්‍රතිසංස්කරණය       -                         රුපියල් මිලියන  600

කිරීමට                

         (ii)      ඔව්.

             (iii)      නව කාර්යාල ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතුව ඉඩමක් මෙම ප්‍රදේශයේ නොමැත.

(ආ) (i) ඔව්.

(ii) මෙම ප්‍රදේශයට කිලෝමීටර දෙකක වපසරිය තුළ පිහිටා ඇති චිත්තාන්ඩි සහ වන්දාරමුල්ලෙයි යන උප තැපැල් කාර්යාල දෙක හරහා ජනතාවගේ තැපැල් අවශ්‍යතා ඉටු කෙරේ.

(iii) උප තැපැල් කාර්යාලයක්, තැපැල් කාර්යාලයක් බවට උසස් කිරීමේදී,

i. අදාළ උප තැපැල් කාර්යාලයේ සිට ආසන්නතම පිහිටි ඉහළ ශ්‍රේණියේ තැපැල් කාර්යාලයකට ඇති දුර ප්‍රමාණය

ii. එම උප තැපැල් කාර්යාලය ආසන්නතම වර්ෂ 3ක් තුළ ආදායම් තත්ත්වයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වා තිබේ ද යන වග

iii. අදාළ ප්‍රදේශයේ ජන ඝනත්වය

iv. අදාළ ප්‍රදේශයට තැපැල් කාර්යාලයක අවශ්‍යතාව පිළිබඳව මහ ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය

යන කරුණු පිළිබඳව මූලිකවම සලකා බලනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-09-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks